ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව අඩුවෙලා – එක්සත් ජාතීන්

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ, ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක සහ සමාජයීය තත්ත්වය පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී ඇතැයි මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

මොණරාගල,නුවරඑළිය,මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ළමා ලිංගික හිංසන,අපයෝජන සිදුවීම්වල වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ළමයින් නොසලකා හැරි අවසථා වාර්තා වී ඇති බවත් එම වාර්තවේ සඳහන් වේ.

දැඩි මූල්‍ය සම්පත් හිඟය හේතුවෙන් වින්දිත දරුවන්ට නීතිමය, මනෝවිද්‍යාත්මක හා සමාජයීය සහ අනෙකුත් ආරක්ෂණ සහාය ලබා දීමට රාජ්‍ය ළමා ආරක්ෂණ ආයතන අසමත් වී ඇතැයි ළමා ආරක්ෂණ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමග පැවති උපදේශනයකදී හඳුනාගත් බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දරුණු වෙත්ම ළමා ආරක්ෂාව කඩවීම පිළිබඳ සිදුවීම් වාර්තාවීම ඉදිරියේදී වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේ ළමා ආරක්ෂාව කඩවීමේ සිදුවීම් 11,187 වාර්තා වන බවත් මෙම වසරේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා කාලය තුළ ළමා ආරක්ෂාව කඩවීමේ සිදුවීම් 6318 වාර්තා වී ඇති බවත් එය ගිය වසරට සාපේක්ෂව සියයට 56 ක් බවත් එම එම වාර්තාවේ සඳහන් වේ.

දරුවන්ගේ දෙමාපියන් සහ රැකබලා ගන්නන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම්වල සිටියදී දරුවන්ට රැකවරණයක් නොමැති බව එම වාර්තාව පෙන්වා දෙයි.

එසේම ළමා ආරක්ෂණ නිලධාරීන් හටද තම රාජකාරි කටයුතු කිරීමට ඉන්ධන හිඟය ගැටලුවක් වී ඇති බවත් ළමුන් 10000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට පරිවාස භාරයේ සිටින බවත් ළමුන් එම ආයතන වලට යොමු කිරීමට දුගීභාවය ප්‍රධාන හේතුවක් වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...