රටේ දරුවන්ට කන්න නැතිවීම ගැන උත්තර දෙන්න ඇමැතිලා නෑ

රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී පිළිතුරු කතා පැවැත්වීමට කිසිදු වගකිව යුතු ඇමැතිවරයෙකු පාර්ලිමේන්තු සභා ගර්භයේ ඊයේ පස්වරුවේ රැඳී නොසිටීම විශේෂ සිද්ධියක් විය.

රටේ මන්දපෝෂණ තත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය දින දෙකක් පුරා සහ පැවැත්විණ. එම විවාදය තුළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කරන ලද ප්‍රකාශ හරහා මෙම ප්‍රශ්නය පිළිබඳ කොතරම් නොසැලකිල්ලක් දක්වනවාද යන්න ගැන පැහැදිලි විය. පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරියක් වූ රජිකා වික්‍රමසිංහ පැවසුවේ වැරදි ආහාර පුරුදු නිසා මන්දපෝෂණ තත්ත්ව ඇතිවන බවයි. විශේෂයෙන් තුන් වේලටම බත් කෑමට අවශ්‍ය නොවන බවද ඒ සඳහා වෙනත් ආදේශක යොදාගත හැකි බවද ඇය පවසනු දැකිය හැකිවිය. මෙම ප්‍රශ්නය පිළිබඳ අදහස දැක්වූ අනෙක් මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් ද මේ අදහස්වලට බොහෝ දුරට සමාන විය.

රටේ දරුවන්ට කන්න නොතිබීම මේ රටේ මහජන නියෝජිතයන්ට ප්‍රශ්නයක් වී නැත.

මෙම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න විසිනි.

.මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 6 වෙනි තැන පසුවන බව යුනිසෙෆ් සංවිධානය සිය වාර්තාවෙන් අනාවරණය කර තිබිණ. යුනිසෙෆ් සංවිධානය අනාවරණය කළ එම කරුණු පදනම් කරගෙන සමගි ජන බලවේගය පක්ෂය මෙම විවාදය ඉල්ලා තිබිණ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...