රටේ දරුවන්ට කන්න නැතිවීම ගැන උත්තර දෙන්න ඇමැතිලා නෑ

රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී පිළිතුරු කතා පැවැත්වීමට කිසිදු වගකිව යුතු ඇමැතිවරයෙකු පාර්ලිමේන්තු සභා ගර්භයේ ඊයේ පස්වරුවේ රැඳී නොසිටීම විශේෂ සිද්ධියක් විය.

රටේ මන්දපෝෂණ තත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය දින දෙකක් පුරා සහ පැවැත්විණ. එම විවාදය තුළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කරන ලද ප්‍රකාශ හරහා මෙම ප්‍රශ්නය පිළිබඳ කොතරම් නොසැලකිල්ලක් දක්වනවාද යන්න ගැන පැහැදිලි විය. පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරියක් වූ රජිකා වික්‍රමසිංහ පැවසුවේ වැරදි ආහාර පුරුදු නිසා මන්දපෝෂණ තත්ත්ව ඇතිවන බවයි. විශේෂයෙන් තුන් වේලටම බත් කෑමට අවශ්‍ය නොවන බවද ඒ සඳහා වෙනත් ආදේශක යොදාගත හැකි බවද ඇය පවසනු දැකිය හැකිවිය. මෙම ප්‍රශ්නය පිළිබඳ අදහස දැක්වූ අනෙක් මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් ද මේ අදහස්වලට බොහෝ දුරට සමාන විය.

රටේ දරුවන්ට කන්න නොතිබීම මේ රටේ මහජන නියෝජිතයන්ට ප්‍රශ්නයක් වී නැත.

මෙම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න විසිනි.

.මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 6 වෙනි තැන පසුවන බව යුනිසෙෆ් සංවිධානය සිය වාර්තාවෙන් අනාවරණය කර තිබිණ. යුනිසෙෆ් සංවිධානය අනාවරණය කළ එම කරුණු පදනම් කරගෙන සමගි ජන බලවේගය පක්ෂය මෙම විවාදය ඉල්ලා තිබිණ.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...