මන්ත්‍රීවරුන්ගේ සෞඛ්‍ය රක්ෂණ 500% ඉහළ දාගනිද්දී අපිට රෝහලට මුදල් ගෙවන්නලු

රජයේ රෝහල් වල රෝගී සත්කාර කටයුතු වලදී මුදල් ගෙවා සේවා ලබා ගැනීමේ පහසුකම් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (29) මහනුවරදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉදිරියේදී රජයේ රෝහල් වල මුදල් අය කිරීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මෙහිදී නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් ආරෝග්‍යශාලා කිහිපයක 20%-30% අතර මුදලක් අය කරන ගෙවීම් අංශයක් ආරම්භ කරන බවත් මෙහිදී හැකියාවක් ඇති අයට පෞද්ගලික අංශයට වඩා හොඳ සේවාවක් ඊට වඩා අඩු මුදලකට ලබා දීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

එමගින් එම මුදල් භාවිතයෙන් මුදල් වැය කිරීමට අපහසු රෝගීන්ට සේවා සැපයීමට හැකිවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ ඖෂධ තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මේ වන විට ජීවිතාරක්ෂක ඖෂධ 14ම රට තුල ඇති බවයි. එමෙන්ම, අත්‍යාවශ්‍ය ඖෂධ 84හි හිඟයට සහ ශල්‍යකර්ම උපකරණ හිඟයට විසඳුම් සොයමින් සිටින බවත් ඔහු පවසනවා.

ආණ්ඩුව මේ සූදානම් වෙන්නෙ සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමේ තවත් පියවරක් ඉදිරියට තැබීමටයි. මේ හරහා මුදල් ගෙවන රෝගීන්ට හොඳ සෞඛ්‍ය සේවා ලබාදීම සහ මුදල් නොගෙවන අයට දුර්වල සෞඛ්‍ය සේවා ලබාදීමත් සිදුවෙනු ඇති. ඉන්පසු සියලු ජනතාවට සිදුවෙනු ඇත්තේ හොඳ සෞඛ්‍ය සේවයක් ලබාගැනීම වෙනුවෙන් මුදල් ගෙවීමටයි. සෞඛ්‍ය සඳහා වෙන්කරන්නේ ජනතාවගේ බදු මුදල් මිස කෙහෙළිය හෝ රනිල් විසින් ගෙදරින් ගෙන එන ලද මුදල් නොවේ. ඒ නිසා ජනතාව එක වරක් තමන් ලබාගන්නා සේවය වෙනුවෙන් ගෙවා තිබියදී තවත් වරක් ගෙවීමේ අවශ්‍යතාවයක් නැත. එසේම කෙහෙළිය ඇමතිවරයා කිසිදු හිරිකිතයකින් තොරව මේ බව කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සෞඛ්‍ය රක්ෂණය ලක්ෂ 2 සිට ලක්ෂ 10 දක්වා වැඩිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී මොහොතකයි. ජනතාවගේ බදු මුදල් ඔවුන්ගේ සුඛ විහරණ සඳහා කිසිදු පැකිලීමකින් තොරව වියදම් කරද්දී ජනතාවට තමන් ලබාගන්නා සේවා වෙනුවෙන් නැවත නැවතත් මුදල් ගෙවීමට සිදුව තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...