නායමෙන් වසර 8ට පසුත් මිරියබැද්ද ජනතාවගෙන් බහුතරයක් අධි අවදානම් කලාපවල

2014 ඔක්තෝබර් මස 29වනදා මිරියබැද්ද ඛේදවාචකය සිදුවී වසර 08ක් ගතවී ඇතත් එම ප්‍රදේශයේ ජීවත්වූ ජනතාව බහුතරයක් තවමත් අධි අවදානම් කලාපයක ජීවත්වෙමින් සිටින බව වතු කම්කරු මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය විසින් ඊයේ වතු කම්කරුවන්ට ඉඩම්, නිවාස දිනාගැනීමේ දිනය වූ ඊයේ දිනයේ හපුතලේ නගරයේ උද්ඝෝෂණයක් පවත්වමින් ඉල්ලා සිටයේ වතු කම්කරු වැටුප් වැඩිකරන ලෙස, ඉඩමක සහ නිවසක අයිතිය ලබාදෙන ලෙසයි.

එම අවස්ථාවේ අදහස් දැක්වූ වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් ශ්‍රී වසන්ත පැවසුවේ මිරියබැද්ද නාය යාම සිදුවී වසර 08ක් ගතව ඇතත් පවුල් 134ක් තවමත් අධි අවදානම් ප්‍රදේශවල ජිවත්වන බවයි. එසේම දීර්ඝ අරගලයකින් පසු පවුල් 75කට පමණක් නිවාස ලබාදී ඇති බව ඔහු පවසයි.

ශ්‍රී වසන්ත පැවසුවේ ඇමතිවරුන්ගේ ගෙවල් ගිනිගත් මොහොතේ ඉතා ඉක්මණින් මැදිහත්වී කෝටි ගණන් වියදම් කර නිවාස සාදා දුන ආණ්ඩුව රටට ඩොලර් සපයා දෙන මිරියබැද්ද වතු කම්කරු ජනතාවගේ නිවාස අහිමිවී වසර 08 ක් ගතවී ඇතත් නිවාස ලබාදී නැති බවයි.

එසේම පාන් පිටි , භූමිතෙල් ඇතුළු සියලු බඩුවල මිල ඉහළ ගොස් ඇති මේ මොහොතේ වතු කම්කරු ජනතාව දිනක මූලික වැටුප 1000ක් තරම් සොච්චම් මුදලට රැකියාව කරමින් සිටින බවද වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්වරයා පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...