Breaking News

නායමෙන් වසර 8ට පසුත් මිරියබැද්ද ජනතාවගෙන් බහුතරයක් අධි අවදානම් කලාපවල

2014 ඔක්තෝබර් මස 29වනදා මිරියබැද්ද ඛේදවාචකය සිදුවී වසර 08ක් ගතවී ඇතත් එම ප්‍රදේශයේ ජීවත්වූ ජනතාව බහුතරයක් තවමත් අධි අවදානම් කලාපයක ජීවත්වෙමින් සිටින බව වතු කම්කරු මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය විසින් ඊයේ වතු කම්කරුවන්ට ඉඩම්, නිවාස දිනාගැනීමේ දිනය වූ ඊයේ දිනයේ හපුතලේ නගරයේ උද්ඝෝෂණයක් පවත්වමින් ඉල්ලා සිටයේ වතු කම්කරු වැටුප් වැඩිකරන ලෙස, ඉඩමක සහ නිවසක අයිතිය ලබාදෙන ලෙසයි.

එම අවස්ථාවේ අදහස් දැක්වූ වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් ශ්‍රී වසන්ත පැවසුවේ මිරියබැද්ද නාය යාම සිදුවී වසර 08ක් ගතව ඇතත් පවුල් 134ක් තවමත් අධි අවදානම් ප්‍රදේශවල ජිවත්වන බවයි. එසේම දීර්ඝ අරගලයකින් පසු පවුල් 75කට පමණක් නිවාස ලබාදී ඇති බව ඔහු පවසයි.

ශ්‍රී වසන්ත පැවසුවේ ඇමතිවරුන්ගේ ගෙවල් ගිනිගත් මොහොතේ ඉතා ඉක්මණින් මැදිහත්වී කෝටි ගණන් වියදම් කර නිවාස සාදා දුන ආණ්ඩුව රටට ඩොලර් සපයා දෙන මිරියබැද්ද වතු කම්කරු ජනතාවගේ නිවාස අහිමිවී වසර 08 ක් ගතවී ඇතත් නිවාස ලබාදී නැති බවයි.

එසේම පාන් පිටි , භූමිතෙල් ඇතුළු සියලු බඩුවල මිල ඉහළ ගොස් ඇති මේ මොහොතේ වතු කම්කරු ජනතාව දිනක මූලික වැටුප 1000ක් තරම් සොච්චම් මුදලට රැකියාව කරමින් සිටින බවද වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්වරයා පවසයි.

leave a reply