ඉඩම් ඔප්පු ලබා දෙන බව පවසා ආරච්චිකට්ටුවේ රැස්වීමට සනත් නිශාන්ත සෙනඟ ඇදලා

මරණාසන්න ලෙඩෙක් වෙච්ච මහින්ද නැමැති දේශපාලන මහල්ලාව වත්තන් කරගෙන මේ දිනවල පොදුජන පෙරමුණ තැන් තැන්වල ජනහමු පවත්වන්නෙ දේශපාලන පොර පිටියේ තමන්ට අහිමි වුණු අණසක සොයා ගැනීම සඳහායි. නැතිවුණු ජනතා ආකර්ෂණය සොයා මේ යන ගමනේ දී පවා මේ නඩය භාවිතා කරන්නේ රැවටීමේ ක්‍රියාවලිය මයි.

මහින්ද එක්ක යලි නැගිටින්න උත්සාහ කරන සනත් නිශාන්ත ආරච්චිකට්ටුවේ දී පොදුජන පෙරමුණේ රැස්වීමක් සංවිධානය කලා. අමු මැරයෙක් සහ තකතීරු වෙක් වෙන සනත් නිශාන්ත මේ රැස්වීම නම් කරලා තිබුණේ මැර බලයෙන් තොර ජන බලයක් කියලා. මැයි නම වෙනිදා මහින්ද රාජපක්ෂගේ රාජපක්ෂගේ ආශීර්වාදය ලබාගෙන අරලියගහ මන්දිරයෙන් ගෝල්පේස් අරගල බිමට පහර දෙන්න ආපු මැරයන් අතර ප්‍රධානතම මැරයන් අතර කෙනෙක් තමයි සනත් නිශාන්ත කියන්නේ.එවන් මැරයෙක් මැර බලයෙන් තොර ජන බලයක් ගොඩනගන්න සූදානම් වෙනවා කියන එකත් විහිලුවක්.එවන් වැකියක් හිසට උඩින් තියාගෙන වේදිකාවේ ඉඳගෙන ඉන්නවා කියන එකත් ලැජ්ජාවක් කැතක් හිරිකිතයක් නැති එකෙක්ට කරන්න පුළුවන් වැඩක් මිසක් අබමල් රොනක හෝ සදාචාරයක් තියෙන කෙනෙක්ට කරන්න බැහැ.

එදා වේදිකාව මතට නැගිලා සනත් නිශාන්තලා නාමල් රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා ගිරිය පුප්පා විවිධ කතා කිව්වත් එදා කොපමණ බයකින් රැස්වීම කලාද කියන එක පැහැදිලි වෙනවා වේදිකාව ඉදිරියෙන් ආරක්ෂාව සඳහා ටිපර් රථ ගෙනත් ගාල් කරලා තැබීමෙන්. තවමත් පොදුජන පෙරමුණේ නායකයො යි වහල්ලු යි ජීවත් වෙන්නේ ජනතාවට බියෙන් කියන එක එදා සනාථ වුණා.

මේ රැස්වීමට කැමැත්තෙන් ජනතාව සහභාගී නොවන නිසා සනත් නිශාන්ත එදාත් මිනිස්සුන්ව රවට එම ස්ථානයට රැගෙන ආ බවට පොදු ජන පෙරමුණේ රැස්වීම සහභාගි වෙච්ච ජනතාව චෝදනා කරනවා.

පසුගිය ගෝඨාභයගේ ආන්ඩුව යටතේ ක්‍රියාත්මක කරනලද නිවාස වැඩසටහන යටතේ පුත්තලම බරනංකඩුව ප්‍රදේශයේ නිවාස නොමැති ජනතාවට නිවාස ලබාදිම සදහා අක්කර බාගයක ඉඩමි වෙන්කරන ලදි. දේශපාලන වාසි ලබා ගැනීමට ජනතාවට ඉඩම් ලබා දෙන බව පැවසුවත් ගෝඨාභය ආණ්ඩුව එය ඉඩම්වල අයිතිය ඔප්පුවකින් තහවුරු කර ජනතාවට ලබාදෙන්න අපොහොසත් වුණා පමණක් නොව එම වගකීම පැහැර හරිනු ලැබුවා.
ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් බොරු පොරොන්දු දී ජනතාව රැවට්ටූ මේ හොර නඩය ඒ පරණ පොරොන්දුව නැවතත් අහිංසක දුප්පත් ජනතාවට ලබාදී එදා රැස්විමට කැඳවාගෙන ආ බව දැන් හෙළිදරව් වී තිබෙනවා. පවුල් 100 ක පමණ ජනතාවක් ආරච්චිකට්ටුවේ රැස්වීමට බස් වල ඔබාගෙන සනත් නිශාන්ත අරගෙන ඇවිත් තිබෙන්නේ ඔප්පු නොමැති ඉඩම් වලට ඔප්පු ලබාදෙන පොරොන්දුව මත.

ඔප්පු ලබා දීමේ කතාව බොරුවක් බව ජනතාවට තේරුම් ගියේ නැවත වතාවක් එදා ආරච්චිකට්ටුවේ රැස්වීම අවසාන උනායින් පසුයි.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...