එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන නීතිපති සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මත දෙකක

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සකස් කළ පරිසර හානි තක්සේරු වාර්තාව ලබන මස 15 වැනිදාට ප්‍රථම නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

අදාළ වන්දි ලබා ගැනීම සඳහා මෙරට අධිකරණයක නඩුවක් පැවරීම යෝග්‍ය බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩුවක් පවරන ලෙස උපදෙස් ලබා දී ඇත.

එහිදී විෂයබාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මතය වෙනුවෙන් පෙනී සිටියදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වෙනුවෙන් පෙනිසිට ඇත.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ කළ විමසීමකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ සුදර්ශනී ළහඳපුර පවසා තිබුනේ, මෙතෙක් පරිසර හානිය තක්සේරු කර අවසන් කර නොමැති බවය. පරිසර හානිය වෙනුවෙන් මෙතෙක් ගෙවීමක් සිදුව නොමැති බව ඇය පවසයි.

පසුගියදා වාර්තා වූවේ නැව් අනතුර සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමට හැකි කාලය මාස කිහිපයකින් අවසන් වීමට නියමිත බවයි. එහෙත් තවමත් ඒ සඳහා අවශ්‍ය මූලික මට්ටමේ තීරණවත් ගෙන නොමැති බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...