ශ්රී ලංකාව මේ මොහොතේ පසුවන්නේ අතිශය අවිනිශ්චිත සහ විසඳුම් සෙවීමට අපහසු ආර්ථික අර්බුදයකයි. විසඳුම් සෙවිය හැකි යැයි වගකිව යුතු පාර්ශව ප‍්‍රකාශ කළද, ආර්ථීක විශ්ලේෂකයන්ට අනුව ගැටලූව මේ වන විටත් අර්බුදයක් වී අවසන්ය. ඒ අනුව මෙම ආඛ්‍යානය ගොඩ නැගෙන්නේ එම ආර්ථික ගැටලුව ඔස්සේ ශී‍්‍ර ලංකාවේ දේශපාලන සමීකරණයේ සිදුවෙමින් පවත්නා හා ඉදිරියේ දී සිදුවිය හැකි විපරිවර්තන සම්බන්ධවයි. රටක ආර්ථික අර්බුදවලට අනුලෝම සමානුපාතිකව දේශපාලන අර්බුද සිදු වන අතර මෙම අර්බුදකාරී අවස්ථා ද්විත්වයම අවසානයේදී, රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඍණාත්මකව බලපෑම් කරන බව පැහැදිලිය. එය ප‍්‍රධාන වශයෙන් ප‍්‍රභූ දේශපාලනය (Elite Politics), දේශපාලන ඥාති සංග‍්‍රහ (Political Nepotism) සමාජ මාධ්‍ය දේශපාලනය (Social Media Politics), පොදු අවකාශය (Public Space) යන ක්ෂේත‍්‍ර ඔස්සේ සාකච්ජා කිරීමට බලාපොරොත්තු වේ.
ශ‍්‍රී ලංකාවේ සමස්ත අයවැය ප‍්‍රමාණයෙන් 75්‍රකට වැඩි ප‍්‍රමාණයක් පාලනය වන්නේ පවුල් දේශපාලනීය ව්‍යුහයක් ඔස්සේය යන්න පැහැදිලි යථාර්ථයයි. මෙය කිනම් රාජ්‍යයක සිදුවුවත් එය ප‍්‍රායෝගිකවම රාජ්‍යයේ ස්වාධිපත්‍යයට (State Autonomy) ප‍්‍රබල තර්ජනයකි. එසේ වන්නේ ප‍්‍රතිපත්ති සම්පාදන ක‍්‍රියාවලිය සෘජුවම මෙහෙයවන්නේ එකී ව්‍යුහය හරහා වන බැවිනි. ඒ හරහා ඇති වන අතිශය භයානක ප‍්‍රථීඵලය වන්නේ පවුල් දේශපාලනය බල දේශපාලනයට සම්බන්ධ කිරීම ඔස්සේ ජනතාව අනවශ්‍ය අයුරින් පාලනය කිරීමට එලෙස කටයුතු කරන ඕනෑම පාර්ශ්වයකට නෛසර්ගිකවම හැකියාව ලැබීමයි. වඩාත් පැහැදිලිව දක්වන්නේනම්, “Aට B ඊට වඩා බලයක් B විසින්ම ආරෝපණය කිරීමෙන්Aට අවශ්‍ය ඕනෑම දෙයක් B යොදා ගනිමින්ම සිදු කිරීමේ අවකාශය Aට හිමි වීමයි” (R.A.Dhal,1957).
ශ‍්‍රී ලංකාවේ දේශපාලන සමීකරණයේ ද සිදු වෙමින් පවතින්නේ මෙයයි. පවුල් දේශපාලනයට අවශ්‍ය බලය ජනතාව විසින්ම ලබා දීමෙන් පසු ජනතාව යොදා ගනිමින්, පාලනය කරමින් බලය වර්ධනය කර ගැනීමට ක‍්‍රියා කිරීමයි. එවැනි තත්ත්වයක් ඔස්සේ පාලක පාර්ශවය තුළින්ම විරෝධතා මතු වීම සාමාන්‍ය සංසිද්ධියකි. නමුත් එකී සාමාන්‍යකරණය ද සිදු වන්නේ ඔවුන්ගේම බල දේශපාලන වාසි වෙනුවෙන් පමණක්ම බව ජනතාව වටහා ගත යුතුය. එනම්, මෙවැනි අර්බුද සමයක විපක්ෂයේ කාර්යභාර්ය ආණ්ඩුවේ පාර්ශව විසින්ම සිදු කිරීමයි. ඒ ඔස්සේ භයානක ප‍්‍රථිඵල දෙකක් ගොඩ නැගේ. පළමුවැන්න තවදුරටත් විපක්ෂයේ භූමීකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය (Democratic Space) තුළ වලංගු නොවන සාධකයක් වීමත්, දෙවැන්න ජනතාවට දේශපාලන යථාර්ථය හා පොදු අවකාශය (Public Space) පිළිබඳව පවත්නා ප‍්‍රාමාණික දැනුම විනාශ කිරීමට හැකියාව ලැබීමත්ය.
ප‍්‍රභූ දේශපාලනය විසින් නිරන්තරයෙන් රාජ්‍යයේ මූලෝපායික ස්ථාන අල්ලා ගැනීම සිදු කරන අතර ඉතා කුඩා ප‍්‍රතිශතයකගේ වැඩි බරක් දැරීමට පුද්ගල සමූහයකට සිදු වේ” (W.Mills,1956) ප‍්‍රභූ දේශපාලනය සම්බන්ධයෙන් පවත්නා යථාර්ථය මෙයයි. මේ ඔස්සේ සිදු වන්නේ සෑම ක්ෂේත‍්‍රයක්ම, සෑම ස්ථානයක්ම අතික‍්‍රමණය කිරීමේ හැකියාව ලැබීමයි. ඒ වෙනුවෙන් ඔවුන් පක්ෂ සම්බන්ධතා, ජනප‍්‍රියතාවය හා තනි පුද්ගල දේශපාලනය යනාදී අංග වෙළඳ උපකරණ වශයෙන් උපයුක්ත කර ගැනීමට විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන දේශපාලන සමීකරණයේ එක් සුවිශේෂි අවස්ථාවක් වශයෙන් මෙය හඳුනා ගත හැකිය. තම ප‍්‍රභූ හා ඥාති සංග‍්‍රහ දේශපාලනය අභියෝගයට ලක්වෙමින් පවත්නා බව පැහැදිලිව වටහා ගෙන ඇති පාලකයා සියලු අර්බුදමය අවකාශ සාධාරණීකරණය කිරීමට තවදුරටත් වලංගු නොවන ජනප‍්‍රිය දේශපාලනය, ජාතිවාදය මෙන්ම ගුණකථන දේශපාලනය වැනි යල්පැන ගිය තේමා පාඨ යොදා ගනියි.
මේ මොහොතේ ශ‍්‍රී ලංකාවේ දේශපාලනය පක්ෂ දේශපාලනයෙන් මෙන්ම පුද්ගල දේශපාලනයෙන් ද වියුක්ත වෙමින් පවත්නා අයුරු හඳුනා ගත හැකිය. රාජ්‍යයක දෘෂ්ටිවාදය තවදුරටත් ජාතිවාදය, ව්‍යවස්ථා අර්බුද, යහපාලනය හෝ ආර්ථික අවපාතය වැනි තත්ත්ව මත පමණක් රඳා නොපවතියි. සැබෑ වශයෙන්ම පවත්නා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට පවතින්නේ කලකිරීමක් නොව පීඩනයකි. මෙම පීඩනය වනාහි ජනතාවට ස්වභාවයෙන්ම උරුමවන දේශපාලන ගති ලක්ෂණයක් වශයෙන් අර්ථකථනය කළ හැකිය.
ඒකපාක්ෂිකව ක‍්‍රියාත්මකවන ප‍්‍රභූ දේශපාලනය මෙන්ම පවුල් දේශපාලනයේ විවිධ අවස්ථා ඔස්සේ සිදු වන්නේ රාජ්‍යයේ ආරක්ෂණ උපායමාර්ග (Security Sector Reforms) අභියෝගයට ලක්වීමයි. එනම්, කිසිඳු අභියෝගයකින් තොරව කායික හා මානසික නිදහසේ ජීවත් වීම වෙනුවෙන් අනුගමනය කරන ක‍්‍රියාමාර්ගයි. එම ආරක්ෂණ ක‍්‍රමවේද තුළ මිලිටරි උපායමාර්ග පමණක් නොව නිදහසේ ජීවත්වීමට අවශ්‍ය සියලු අංගෝපාංග ඇතුළත්වන බව පාලකයා පමණක් නොව ජනතාව ද ඉතා හොඳින් වටහා ගත යුතුය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය වෙන් වන්නේ ජනතා පීඩනය කෙරෙහිය. ලෝකයේ බොහෝ රාජ්‍ය විරෝධතා දේශපාලනය ඔස්සේ විවිධ විපර්යාස හා පරිවර්තන සිදු කළද, ශ‍්‍රී ලංකාවේ ද පවත්නා ගැටලු වෙනුවෙන් විකල්ප ප‍්‍රවේශ ස්ථානගත කරන්නට පිඹුරුපත් සකසමින් සිටියද, එය අතාර්කික හා පදනමකින් තොර ගැටලු සහගත තත්ත්වයකි. මන්දයත්, පවත්නා දේශපාලන ගැටලුවලට හිසරදයට කොට්ට මාරු කිරීමෙන් ඵලක් නොවන බැවිනි.
ශ‍්‍රී ලංකාවේ දේශපාලන සමීකරණයේ තවත් එක් ව්‍යුත්පන්න තත්ත්වයක් ලෙස සමාජ මාධ්‍ය දේශපාලන ප‍්‍රවණතා හඳුනා ගත හැකිය. සමාජ මාධ්‍ය ප‍්‍රධාන වශයෙන් ආකාර තුනකින් එනම්, දේශීය විරෝධතා, බාහිර බලවේග සහ ආණ්ඩුකරණය/ පාලන තන්ත‍්‍ර ඔස්සේ රටක දේශපාලනයට බලපෑම් කරයි. 2009ත මෝල්ඩෝටාවේ (පළමු ෆේස්බුක් විප්ලවය) 2009ත ඉරානයේ (පළමු ටිවිටර් විප්ලවය) ඊජිප්තුව හා ටියුනීසියාව එයට පැහැදිලි උදාහරණය. පාලක පංතිය වෙනුවෙන් සහයෝගය දක්වන සමාජ මාධ්‍ය බලවේග පැවතියද, දේශපාලන සමීකරණය තුලිත කරන්නට මේ මොහොතේ ඒවා අසමත් වී තිබේ. සමාජ මාධ්‍ය යනු වර්තමානයේ දුර්වල කිරීම, තීව‍්‍ර කිරීම, රැඩිකල්කරණය හා අස්ථාවර කිරීම යන සියලු ක‍්‍රමවේද ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ හැකි දේශපාලන මෙවලම් බව ශ‍්‍රී ලංකාවේ පාලක පංතිය වටහා ගත යුතුය.
එක් පසෙකින් චීනයත්, අනෙක් පසින් ඉංදියාවත් සමබර කිරීමේ අසීරු උත්සාහයක නිරත වන ශ‍්‍රී ලංකාව Facebook, Messenger, WhatsApp, Instagram, Youtube යන සියලු මෘදුකාංග චීනයේ ආධිපත්‍යයෙන් ගිලිහිණු බවත් ඒ හරහා නඩත්තු වන දේශපාලන සැකැස්ම හා විපරිවර්ත පිළිබඳවත්, පාලක පංතිය මෙන්ම විකල්ප බලවේග විසින් කල්පනා කළ යුතුය. අනෙක් පසින් සමාජ අවකාශය දේශපාලන අවකාශයකට පරිවර්තනය කරන්නට ශ‍්‍රී ලංකාවේ විකල්ප බලවේග උත්සාහ දරමින් සිටියි. එය ඉතා සාධනීය ප‍්‍රවණතාවයකි. නමුත් එය වෙනස් කිරීමේ ක‍්‍රියාපිළිවෙළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලට අනුගත විය යුතුය. මේ මොහොත් සිදු වෙමින් පවතින විරෝධාකල්පී දේශපාලනය තුළින් පැහැදිලි වන්නේ එහි එවැනි ජනතාවාදී පදනමක් නොමැති බවයි. මහජනතාව සතු වන ස්වාධිප්‍යය හේතූවෙන් දේශපාලන වෙනසක් කිරීමේ හැකියාව ජනතාව සතුව පවතී.
නමුත් එය සිදු කිරීමේ ක‍්‍රමවේදයේදී පක්ෂයක් හෝ පුද්ගල දෘෂ්ටිවාදයක් වෙනුවෙන් පෙනී නොසිටීම වැදගත්ය. ජනතාවගේ පීඩනය/අර්බුද අවස්ථා මෙතෙක් කිසිදු දේශපාලකයෙකු විසින් අත්විඳ නොමැති බව ජනතාව ද වටහා ගත යුතුය. එවැනි අර්බුද හෝ ගැටලු තමන්ට නොමැති බව දේශපාලඥයන් විසින් අනාවරණය කිරීමෙන් සිදු වන්නේ ජනතාවගේ පීඩනය තවත් තීව‍්‍ර වීමයි. අනෙක් පසින් ජනතාවට අදහස් දැක්වීම සීමා කිරීම හෝ ඔවුන්ගේ පීඩනය පාලනය කරන්නට යාමෙන් සිදු වන්නේ පාලක පංතිය තවත් අස්ථාවර වීම බව ඔවුන් කල්පනා කළ යුතුය.
රටක ජනතාව දේශපාලන සාක්ෂරතාවයෙන් හීන වීමේ වැඩි වාසිය ලැබෙන්නේ සාක්ෂරතාවයෙන් හා දැනුමෙන් අඩු පාලක පංතියටයි. ඔවුන් ගනු ලබන අඥාන තීරණ සාධාරණීකරණය වෙනුවෙන් මැදිහත් පාර්ශවය ලෙස සම්බන්ධ කරගන්නේ රාජ්‍ය සේවයයි. දිගින් දිගටම පාලක පංතිය අනුවණ තීරණ ගැනීමෙන් සිදු වන්නේ භූ දේශපාලනික කේන්ද්‍රස්ථානයක් වන ශ‍්‍රී ලංකාව බල දේශපාලනයේ අතිශය වැදගත් වේදිකාවක් බවට පත් වීමයි. ජනතාව ද තාවකාලික ප‍්‍රතිලාභ වෙනුවෙන් සහ මේ මොහොතේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බැවීන් දේශපාලන ක‍්‍රීඩාව සාර්ථක කර ගැනීමට පාලක පංතියට හැකියාව ලැබේ. මෙයට කදිම නිදසුන වන්නේ රාජ්‍යයකට අභ්‍යන්තර ආරක්ෂණ ක‍්‍රමවේද පමණක් නොව ජාත්‍යන්තර ආරක්ෂණ ක‍්‍රමවේදවල පවත්නා වැදගත්කම අවබෝධ කර ගැනීමට පාලක පංතිය අසමත් වීමයි. එහි වටිනාකම හොඳින් අවබෝධ කර ගත් ඉංදියාව ශ‍්‍රී ලංකාවේ ආරක්ෂණ පද්ධතියක් ඉදි කිරීම වෙනුවෙන් සැලසුම් සකස් කරන්නේ ලෝක දේශපාලනය තුළ ද තම ආරක්ෂණය හා ස්ථාවරත්වය ඉතා වැදගත් වන බැවිනි.
ඒ අනුව ශ‍්‍රී ලංකාවේ දේශපාලන සමීකරණය තවදුරටත් සාම්ප‍්‍රදායික අවස්ථා හෝ න්‍යායික කාරණා තුළ පමණක් අර්ථකථනය කළ නොහැකි බව පාලකයා පමණක් නොව විකල්ප බලවේග ද වටහා ගත යුතුය. ජනතාව අනවශ්‍ය ලෙස පාලනය කරන්නට යාමෙන් හෝ පවතින පීඩනය අතිශයෝක්තියෙන් යුතුව වර්ණනා කිරීමට යාමෙන් සිදු වන්නේ ජනතා පීඩනය නුදුරු දිනකදීම පුපුරා යාමෙන් සමස්ත දේශපාලන සමීකරණයම නැවත ගොඩ නගන්නනට හෝ විසඳන්නට නොහැකි තත්ත්වයක් උද්ගත වීමයි. ආර්ථික අර්බුදය පාලනය කරන්නට හෝ අර්ථකථනය කරන්නට අනවශ්‍ය ආකාරයෙන් දේශපාලනය සමීකරණයට ඉතා ව්‍යාජ ලෙස එය යොදා නොගැනීමට ශ‍්‍රී ලාංකික දේශපාලනය වග බලා ගැනීම මේ මොහොතේ අතිශය වැදගත්ය.