Breaking News

වසන්ත  නිදහස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි සටන දිගටම

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත යොමු කරනු ලැබීය. එහිදී ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම සඳහා  ප්‍රමාණවත් කරුණු නොමැති හෙයින්  එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

පසුගිය අරගල සමයේ සිද්ධීන්ට අදාළව වසන්ත මුදලිගේව අත්අඩංගුවට ගන්නෙ 2022 අගෝස්තු මාසේ 18 වන දා ය.

වසන්ත නිදහස් කරගැනීමේ සටන අත් නොහළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ රටේ ජනතාව ඒ වෙනුවෙන් කළ හැකි උපරිම කැපවීම් කරමින් අරගල කරමින් මේ  ප්‍රතිඵලය අත්කර ගත් බව නොරහසකි.  ඊයේ දිනයේ දී  වුරුම් ප්‍රකාශ මිලියනයකට වැඩි ප්‍රමාණයක්  නීතිපතිවරයා වෙත භාර දීම හරහා  වසන්ත වෙනුවෙන් රටේ ජනතාව  පෙනී සිටියේය.  මෙය ලංකා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි.  තනි පුද්ගලයෙක් වෙනුවෙන්  ජනතාව මිලියනය ඉක්මවා ගිය දිවුරුම් ප්‍රකාශ ලබා දුන් ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

රනිල් රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ පරදා වසන්තව නිදහස් කරගැනීමට අපට හැකි වී තිබේ.  නමුත් මේ සටන අවසන් නොවේ. කුරිරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දේශපාලන සිරකරුවන් ලෙස හංවඩු ගසමින්  යුද සමයේ හමුදාව වෙත භාර වුණු දෙමල  පුරවැසියන්  හතළිහකට අධික ප්‍රමාණයක් කිසිදු චෝදනාවක් එල්ල නොකර තවමත් රඳවා තබාගෙන සිටී.  ‍    ත්‍රරස්තවාදය වැළැක්වීමේ පනත නැවතත් හෙට දිනයේ දකුණට එරෙහිව ක්‍රියාත්මක වීමට නියමිතයි.  එනිසා මේ සටන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගන්නා තුරු ඉදිරියට ගෙන යා යුතුයි.

leave a reply