යාල සිදුවීමට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට රනිල්ගෙන් බොරු ‘ෂෝ’ එකක්

යාල, විල්පත්තු, හෝර්ටන්තැන්න ආදී ජාතික වනෝද්‍යයාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිදු වාහනයකට ඇතුළු වීම තහනම් කිරීම ආදී පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත නියම කර තිබේ.

එතෙක් මෙම ජාතික වනෝද්‍යයානවලට ලියාපදිංචි සෆාරි වාහන හැරෙන්නට වෙනත් කිසිදු වාහනයක් ඇතුල් නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග නිකුත් කර ඇත.

ඊට අමතරව ශ්‍රී පාද අඩවි වනාන්තරය, සිංහරාජය ඇතුළු පාරිසරිකව වැදගත් වන ස්ථාන ආරක්ෂා කිරීමේ වෙනමම නීති කඩිනමින් ඊට ඇතුළත් කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

මමෙම තීරණය ගෙන් තිබෙන්නේ පසුගියදා යාල ජාතික වනෝද්‍යානයේ වාර්තා වූ සිදුවීමෙන් පසුවයි. නමුත් පරිසරවේදීන් පවසන්නේ යාල ජාතික වනෝද්‍යානය තුළ නීති උල්ලංඝණය කරමින් හැසිරුණු පුද්ගලයන්ට දඬුවම් ලබා නොදී මෙම තීරණය හරහා පහරවදින්නේ රටේ සමස්ථ ජනතාවට දඬුවම් ලබාදී ඇති බවයි.

උදාහරණයකට මීට පෙර අවශ්‍ය කෙනෙකුට වනෝද්‍යානය ඇතුලේ ගමන් කළ හැකි වර්ගයේ වාහනයක පැමිණ ගමන් කළ හැකිව තිබූ නමුත් මෙම තීරණය හරහා එම පිරිස් වෙත අධික මුදලක් ගෙවා සෆාරි ජීෆ් රථයක් ලබාගැනීමට සිදුවෙනු ඇති බවයි.

යාල වනෝද්‍යානයේ සිදුවීමට අදාළව පුද්ගලයන් 9දෙනෙකු බාරවූ බව සඳහන් වූ අතර පසුව ඔවුන්ට ඇප ලබාදී තිබුණි. එසේම යාල වනෝද්‍යානය ඇතුළුවූ පුද්ගලයන් අතර සිටි ආණ්ඩුවේ ඇමති පුතුන් ඒ අතර සිටි බව වාර්තා නොවීය. එසේම මෙහිදී පොලීසිය වෙත බාර වී ඇත්තේ වාහන 07ක් පමණක් වන අතර අදාළ සිදුවීම වන අවස්ථාවේ වාහන 35ක් පමණ තිබී ඇත. මේ කරුණු සොයා බලා අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට රනිල් මැදිහත්වී කරන්නේ බොරු ෂෝ එකකි.

Share post:

Popular

වෙනත් පුවත්

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...