Breaking News

මිහිකත දින සැමරුමට වසර 50යි මිහිකත හාන්සියි

හිල්මි සුපුන් 

2020 අප්‍රේයල් 22 ලෝකයා සමරන්නේ 50 මිහිකත දින සංවත්සරයයි . මිනිස්සු මිහිකත ආරක්ෂා කර ගත යුතුයි කියන සටනට එළඹිලා වසර 50ක් ගෙවෙන මොහොතේ අප ආපසු හැරී බැලිය යුත්තේ වසර 50ක් තිස්සේ අපට කිරීමට හැකි වුණේ කුමක්ද කියන එක පිළිබඳවයි. වසරින් වසර ලස්සන තේමාවන් හදමින්, වසරින් වසර දින සැමරුම් කරමින්, අපි වසර 50ක් ගෙවා දමා තියනවා . එදා සේම අදත්, අපි ලෝකය පාලනය කරන අතලොස්සකගෙන් මිහිකත ආරක්ෂා කර දෙන්න කියා ආයාචනා කර සිටිනවා .

ප්‍රථම වරට 1970 අප්‍රේල් 22 දින පවත්වන ලද මිහිකත දින සැමරුම

ගෝලීය වසංගතයට මිනිස්සු කොටුවෙලා ඉන්න මොහොතක සොබාදහම අස්වැසිල්ලක් ගෙන හුස්ම ගනිමින් සිටිනවා හැර මිනිසුන් මිහිකත පිළිබඳව සැලකිලිමත් වුනු බවක් පෙනෙන්නේ තිබුණේ නැහැ. මිහිකත රැකගත යුතුයි කියන ගිවිසුමට රටවල් 183ක් අස්සන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි කවුරුත් දන්නවා අපි අතින් මේ ලෝකයට යම් අකටයුත්තක් වෙනවා කියන එක. ඒ විතරක් නෙමෙයි වසරින් වසර අලුත් යෝජනා ඉදිරිපත් කරමින් මිහිකත රැකගැනීමේ වගකීම පිළිබඳව හරි ලස්සන කතන්දරද ගොතා කියනවා.

“වර්තමාන හා අනාගත පරම්පරාවේ මානව වර්ගයාගේ ආර්ථික, සමාජීය හා පාරිසරික අවශ්‍යතා අතර සාධාරණ සමතුලිතතාවයක් ඇති කර ගැනීම සඳහා සොබාදහම හා පෘථිවිය සමඟ සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා 1992 රියෝ ප්‍රකාශනයේ දී ඉල්ලා ඇති පරිදි සාමූහික වගකීමක් ලෙස එය පිලි ගනියි .

පෘථිවියේ යහපැවැත්ම සහ එයට සහාය වන සියලු ජීවිත පිළිබඳ අභියෝග පිළිබඳව ලොව පුරා මහජනතාව දැනුවත් කිරීමට ජාත්‍යන්තර මිහිකත දිනය අවස්ථාවක් කර ගනිමු .”

ප්‍රථම වරට 1970 අප්‍රේල් 22 දින පවත්වන ලද මිහිකත දින සැමරුම

මේ තරම් හොඳ වචන ගළපා මනරම් වාක්‍ය තැනූ පමණට අරමුණු ඉෂ්ට නොවෙන බව 50 වන මිහිකත දිනය සමරන විට අපට පෙනී යනවා.

ගෝලීය දේශගුණික විපර්යාස දැනටමත් සැලකිය යුතු පාරිසරික බලපෑම් ඇති කර තියනවා . ග්ලැසියර හැකිලී ගොස් , අයිස් දිය වෙමින් සාගර ජාල මට්ටම් ඉහල යමින් පවතිනවා , වනාන්තර ඝනත්වය හැකිලෙමින් පවතවා . මේ වෙනස්වීම් වල ප්‍රතිඑපයක් ලෙස මුහුදු ජාල මට්ටම ඉහල යෑම වේගවත් වීම දැනටමත් සිදුවෙමින් පවතියි .

20 වන සියවසේදී පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 කින් වැඩි වන බවට ගණන් බලා තියන අතර මෙම අංශක දෙකක උෂ්ණත්වය ඉහළ යාම පවා පරිසරයේ විශාල වෙනස්කම් ඇති කළ හැකිය. ඉදිරි ශතවර්ෂය තුළ ෆැරන්හයිට් අංශක 2.5 සිට 10 දක්වා උෂ්ණත්වයක් ඉහළ යනු ඇතැයි විද්‍යාඥයෝ පුරෝකථනය කර තියනවා .

ප්‍රථම වරට 1970 අප්‍රේල් 22 දින පවත්වන ලද මිහිකත දින සැමරුම

ගිය වසරේ ඕස්ට්‍රේලියාව පුරා අධික උණුසුම නිසා පැතිර ගිය ගිනිදැල් , සහ කෙන්යාවේ දරුණු පළඟැටි ආක්‍රමණය. අප නොදන්නවා වුනාට සෑම මාස 4 කට වරක් එක් නව බෝවන රෝගයක් මිනිසුන් තුළ හට ගැනීම , නව රෝගවලින් 75% ක්ම පැමිණෙන්නේ සතුන්ගෙන් වීම විශේෂිතයි .

පෘථිවියේ පස දැනටමත් 33% ට වඩා පිරිහී ඇති බවත් 2050 වන විට එය 90% කින් පිරිහීමට ලක්විය හැකි අතර 2050 වන විට පෘථිවිය බිලියන 9 කට වැඩි ජනතාවක් සිටිනු ඇති අතර 60%න් ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සිදුවනවා .

1969 දී සැන් ෆ්රැන්සිස්කෝහි යුනෙස්කෝ සමුළුවේදී පෘථිවිය හා සාමය පිළිබඳ අදහස සැමරීමට දිනයක් යෝජනා කළ ජෝන් මැක්කොනෙල්

හිල්මි සුපුන්

leave a reply