නොරිටාකේ පෝසිලෙන් සමාගමේ සේවකයන් නොදන්වාම සේවයෙන් ඉවත් කරලා

මාතලේ නොරිටාකේ පෝසිලේන් ආයතනයේ වසර 5ක සේවය කළ සේවකයන් පිරිසක් කිසිදු දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත්කොට ඇති බව වාර්තා වේ. එහි සේවකයන් පවසන්නේ සොච්චම් වන්දි මුදලක් හා මාසික වැටුප පමණක්  ලබාදී මෙලෙස සේවයෙන් ඉවත්  කිරීමට සමාගම කටයුතු කර ඇති  බවයි.

මෙම සේවකයන්ට මාසික වැටුප ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා එය ලබා ගැනීමට ගිය අවස්ථාවේ සේවයෙන් ඉවත්කර ඇති බව දන්වා තිබේ. එම සේවකයන් පවසන්නේ තමන්ගේ රැකියා අහිමිවීම නිසා තමන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්වන බවයි.

එම සේවකයන් පිරිස මාතලේ කම්කරු කොමසාරිස්වරිය වෙතද මේ පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...