නොරිටාකේ පෝසිලෙන් සමාගමේ සේවකයන් නොදන්වාම සේවයෙන් ඉවත් කරලා

මාතලේ නොරිටාකේ පෝසිලේන් ආයතනයේ වසර 5ක සේවය කළ සේවකයන් පිරිසක් කිසිදු දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත්කොට ඇති බව වාර්තා වේ. එහි සේවකයන් පවසන්නේ සොච්චම් වන්දි මුදලක් හා මාසික වැටුප පමණක්  ලබාදී මෙලෙස සේවයෙන් ඉවත්  කිරීමට සමාගම කටයුතු කර ඇති  බවයි.

මෙම සේවකයන්ට මාසික වැටුප ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා එය ලබා ගැනීමට ගිය අවස්ථාවේ සේවයෙන් ඉවත්කර ඇති බව දන්වා තිබේ. එම සේවකයන් පවසන්නේ තමන්ගේ රැකියා අහිමිවීම නිසා තමන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්වන බවයි.

එම සේවකයන් පිරිස මාතලේ කම්කරු කොමසාරිස්වරිය වෙතද මේ පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...