විරෝධතාවය පටන් ගන්නත් කලින් පොලීසිය 3000ක් මිරිහානට කැඳවයි

අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500ක් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 3000ක විශේෂ බලකායක් කැඳවා ඇති බවට වාර්තා වනවා.

පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ 2022 මාර්තු 31 වෙනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට සිදුකළ උද්ඝෝෂණයට අදට වසරක් පිරීම නිමිත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු යනුවෙන් විරෝධතාවයක් ද පැවැත්වීමට නියමිත වීම හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.

අද මිරිහාන ජුබිලි කනුව අසළ සවස 5.30ට මෙම විරෝධත්වය පැවැත්වීමට නියමිතව තිබේ. ආණ්ඩුවේ ඒ සම්බන්ධයෙන් දැනටමත් බියවී ඇති බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...