කථානායක අද හෙට මාධ්‍ය හමුවට 

වර්තමාන කථානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව  මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පසුගිය දවස්වල නිර්මාණය වුණු පුවත් වලින් හෙළිදරව් වුනා . අද පැවැති කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නැගුවා . මධ්‍යවේදයා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියේ  මේ ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි දිනක දී කථානායකවරයා ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවයි.

පෙරළා ප්‍රශ්න කර මාධ්‍යවේදියා අසා සිටියේ යම් හෙයකින් මේ නගන චෝදනාව සත්‍යයක් නම් ඔහු වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්නයි.

එම පැනයට පිළිතුරු වශයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය විමසා ගන්න තීරණය පසුව දැනුම් දෙන බව. ඊට අමතරව ඔහු එහිදී ප්‍රකාශ කළා මේ කර ඇති ප්‍රකාශය බොරුවක් නම් ඔවුන්ට එරෙහිව ද යම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව .

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...