කථානායක අද හෙට මාධ්‍ය හමුවට 

වර්තමාන කථානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව  මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පසුගිය දවස්වල නිර්මාණය වුණු පුවත් වලින් හෙළිදරව් වුනා . අද පැවැති කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නැගුවා . මධ්‍යවේදයා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියේ  මේ ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි දිනක දී කථානායකවරයා ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවයි.

පෙරළා ප්‍රශ්න කර මාධ්‍යවේදියා අසා සිටියේ යම් හෙයකින් මේ නගන චෝදනාව සත්‍යයක් නම් ඔහු වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්නයි.

එම පැනයට පිළිතුරු වශයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය විමසා ගන්න තීරණය පසුව දැනුම් දෙන බව. ඊට අමතරව ඔහු එහිදී ප්‍රකාශ කළා මේ කර ඇති ප්‍රකාශය බොරුවක් නම් ඔවුන්ට එරෙහිව ද යම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව .

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...