9 වනදා සමස්ථ ලංකා වනජීවී නියාමක නිළධාරීන්ගේ සංගමයද වෘත්තීය ක්‍රියාමාර්ගයට 

Date:

සමස්ථ ලංකා වනජීවී නියාමක නිළධාරීන්ගේ සංගමය එළඹෙන ජූලි 9 දා කරුණු කිහිපයක් මුල් කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් වන බව මාධ්‍ය වෙත දැනුම් දී තිබේ. පහත පලවන්නේ එම මාධ්‍ය නිවේදනය.

ඉදිරි වෘත්තීය ක්‍රියා මාර්ගය සම්බන්ධව දැනුවත් කිරීම.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ පොදු වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කොට 2025.07.09 වන දින සංකේතාත්මක එක් දින වැඩ වර්ජනයක් කිරීමට වනජිවී ගෙන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් වෘත්තීය සමිති සමග අප වෘත්තීය සංගමය ද එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අප වෘත්තීය ගැටළු පිළිබඳව හා උක්ත වැඩ ර්වජන ක්‍රියාමාර්‌ගය පිළිබඳව පූර්වයෙන් දැනුවත් කිරීම සඳහා 2025.07.02 වන දින පෙ.ව. 11.00 ට බෙල්ලන්විල අත්තිඩිය සොබාකෙත පරිශ්‍රයේ දී මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සූදානම් කර ඇති අතර, එම මාධ්‍ය සාකච්ඡාව ආවරණය කිරීම සඳහා පැමිණෙන ලෙස සියළු මාධ්‍ය ආයතන වලින් කාරුණිකව ඉල්ලා සිටිමි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන අනෙකුත් වෘත්තීය සමිති :-

i. සමස්ථ ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය
ii. සමස්ථ ලංකා වනජීවී අඩවි ආරක්ෂක වෘත්තිකයන්ගේ සංගමය
iii සමස්ථ ලංකා අඩවි සහකාර නිලධාරීන්ගේ සංගමය
iv. වනජීවී ක්ෂේත්‍ර සහායකයින්ගේ වෘත්තීය සමිතිය
v. රාජ්‍ය සේවා වනජීවී පොදු සේවක සංගමය

ප්‍රධාන ලේකම්,
සමස්ථ ලංකා වනජීවී නියාමක නිළධාරීන්ගේ සංගමය

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...