චෙම්මනි ගැන වාර්තා කරන මාධ්‍යවේදියා TID කැඳවලා

නව ආණ්ඩුව යටතේද ප්‍රකාශනයේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දු දිගින් දිගටම කඩවන ආකාරය දැකිය හැක. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නැත.

උතුරේ මාධ්‍යවේදියෙකු වන කනපතිපිල්ලෙයි කුමනන්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.

අගෝස්තු මස 17 වන දින කුමනන් මෙලසෙ කැඳවා තිබෙන්නේ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළවු සටහනක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

ඒ අනුව එදින පෙරවරු 10ට ත්‍රස්ත විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහුට දන්වා ඇත.

කුමනන්ගේ දෙමාපියන්ටද පසුගිය වසරේ තර්ජනාත්මක ආකාරයෙන් විමසීම් සිදු කර තිබූ අතර එම අවස්ථාවේදීද ඔහු විමර්ශන සඳහා කැඳවා තිබුණි.

නමුත් විමර්ශනයට අදාළව කිසිඳු සාක්ෂියක් හමු නොවීමෙන් පසු, එම විමර්ශන නතර කර ඇත.

හුදෙක් තම රාජකාරිය කිරීම නිසා ආරක්ෂක අංශවල සහ ඔත්තු සේවා නිලධාරීන්ගේ හිරිහැරවලට ලක් වූ උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගත් මාධ්‍යවේදීන්ගෙන් කෙනෙක් වන කුමනන් මේවන විට කැණිම් සිදුකරමින් පවතින චෙම්මනි සමූහ මිනීවල ගැන වැඩිම වාර්තාකරණයක යෙදෙන මාධ්‍යවේදියාද වේ.

ඔහුගේ ෆේස්බුක් පිටුව තුළ දිගින් දිගටම පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්වු ලක්වෙමින් තිබෙන චෙම්මනි සමූහ මිනීවළේ ඡායාරූප පළ කරමින් තිබේ. එසේම ඔහු තම ෆේස්බුක් පිටුව හරහා චෙම්මනි සමූහ මිනීවළේ නඩු කටයුතුවලට අදාළ තොරතුරු සපයමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...