Breaking News

චෙම්මනි ගැන වාර්තා කරන මාධ්‍යවේදියා TID කැඳවලා

නව ආණ්ඩුව යටතේද ප්‍රකාශනයේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දු දිගින් දිගටම කඩවන ආකාරය දැකිය හැක. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නැත.

උතුරේ මාධ්‍යවේදියෙකු වන කනපතිපිල්ලෙයි කුමනන්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.

අගෝස්තු මස 17 වන දින කුමනන් මෙලසෙ කැඳවා තිබෙන්නේ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළවු සටහනක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

ඒ අනුව එදින පෙරවරු 10ට ත්‍රස්ත විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහුට දන්වා ඇත.

කුමනන්ගේ දෙමාපියන්ටද පසුගිය වසරේ තර්ජනාත්මක ආකාරයෙන් විමසීම් සිදු කර තිබූ අතර එම අවස්ථාවේදීද ඔහු විමර්ශන සඳහා කැඳවා තිබුණි.

නමුත් විමර්ශනයට අදාළව කිසිඳු සාක්ෂියක් හමු නොවීමෙන් පසු, එම විමර්ශන නතර කර ඇත.

හුදෙක් තම රාජකාරිය කිරීම නිසා ආරක්ෂක අංශවල සහ ඔත්තු සේවා නිලධාරීන්ගේ හිරිහැරවලට ලක් වූ උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගත් මාධ්‍යවේදීන්ගෙන් කෙනෙක් වන කුමනන් මේවන විට කැණිම් සිදුකරමින් පවතින චෙම්මනි සමූහ මිනීවල ගැන වැඩිම වාර්තාකරණයක යෙදෙන මාධ්‍යවේදියාද වේ.

ඔහුගේ ෆේස්බුක් පිටුව තුළ දිගින් දිගටම පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්වු ලක්වෙමින් තිබෙන චෙම්මනි සමූහ මිනීවළේ ඡායාරූප පළ කරමින් තිබේ. එසේම ඔහු තම ෆේස්බුක් පිටුව හරහා චෙම්මනි සමූහ මිනීවළේ නඩු කටයුතුවලට අදාළ තොරතුරු සපයමින් සිටියි.

leave a reply