කලාකාරයා මැරීම සහ Page කාරයන්ගේ බොරුව

පාසල කලාකරුවා මරා දානවා කියලා ජපානයේ ගුරුවරයෙක් ඇඳපු චිත්‍රයක් මකන Photo එකක් එක්ක වදනක් Share වෙනවා දැක්කා.

ලංකාවේ Page කාරයෝ කියන්නේ කවුරු හරි මොකක් හරි දාපු ගමන් Copy & Paste කරන්න බලාගෙන ඉන්න, අඩුම ඒ Text එක හරි Copy කරලා වචන ටික එහෙ මෙහෙ කරලා තමන්ගේ වගේ දාගන්න Reach හිඟන්නෝ ටිකක්.. ඉතින් දේවල්වල ඇත්ත නැත්ත බලන්නේ නැතුව දැකපු ගමන් ඕනම දෙයක් ශෙයා කරලා මිනිස්සු රවට්ටනවා..

එතකොට පාසල ඇතුළේ කලාකාරයා මරා දානවා කියලා ශෙයා කරන ඡායාරූපය ඒ කතාවට කොහොමවත් ගැලපෙන එකක් නෙමෙයි.

ඒ චිත්‍රය මකා දාන්නේ ඒ චිත්‍රය ඇඳපු ජපන් ජාතික හිරෝතකා හාමාසකි කියන ගුරුවරයා. ජපානයේ පාසල්වල කළු ලෑල්ලේ සිතුවම් ඇඳීම කියන්නේ ඉතාමත් ජනප්‍රිය Trend එකක් සහ කලාවක්.

ඒ කලාවේ God Level එකේ නැත්නම් ඉහළම මට්ටමේ කෙනෙක් තමා මේ හිරෝතකා කියන ගුරුතුමා. ඔහු මේ විදිහට පාසලේ කළු ලෑල්ලේ ඉතාමත් විචිත්‍රවත් සිතුවම් ඇඳලා තමන්ගේ සිසුන්ව පිනවනවා..

ඒ විතරක් නෙමෙයි, තමන් උදේට අතු ගාන කොට වැටිලා තියෙන කොළ ටික පවා පාසල් මිදුලේ ලස්සනට තබලා විවිධ සිතුවම් පවා මවන්න තරම් ඔහුට හැකියාවක් තියෙනවා.

ඉතින් මේ තුළින් පාසල ඇතුළේ කලාකරුවා මැරෙන්නේ නැහැ, පාසලේ සිතුවම් අඳින්න දක්ෂ දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවාට Inspiration එකක් ලැබෙන එක තමා වෙන්නේ. මොකද දරුවෙකු ඇතුළේ ඉන්න සැබෑ චරිතය හැම වෙලාවෙම එළියට ගන්න පුළුවන් කෙනා ගුරුවරයා විතරයි..

ඉතින් කලාකරුවා මරා දමයි කියලා මේ ඡායාරූපයක් ශෙයා වෙනවා දැක්කොත් අනිවාර්යෙන්ම මේ කතාව ඒ අයට කියලා දෙන්න..

ඒ වගේම බලන්න ඔහුගේ මේ සිතුවම් කොච්චර ලස්සනයිද, ඇස් පිනවන ඒවාද කියලා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...