Breaking News

මේ වසරේ VAT බද්දෙන් රුපියල් බිලියන 876ක ආදායමක් ලැබිලා

2025 වසරේ ප්‍රථම භාගයේ දී VAT බද්දෙන් රුපියල් බිලියන 876 ක ආදායමක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එසේම 2024 වසරේ පළමු භාගය හා සසඳන විට 2025 වසරේ පළමු භාගයේ තුළ දී ශ්‍රී ලංකාවේ බදු ආදායම් රැස් කිරීම සියයට 26 % කින් පමණ ඉහළ ගොස් ඇති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනු ලබන්නේ එම ඉහළ යෑමට හේතුව එකතු කළ අගය මත බද්ද (VAT) සහ සුරා බදුවලින් ලැබුණු ආදායම ඉහළ යාම බවයි .

ඒ අනුව 2025 වසරේ ප්‍රථම භාගයේ දී VAT බද්දෙන් රුපියල් බිලියන 876 ක ආදායමක් ලැබී ඇති බව ද, සුරා බදු හරහා ලැබෙන ආදායම පෙර වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 335.6 % කින් ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් බිලියන 129.1 ක් ලෙස සටහන් වන බව ද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, එම කාල සීමාව තුළ බදු ආදායම 9.2 % කින් ඉහළ ගොස් රුපියල් බිලියන 489ක ආදායමක් ලබා ඇති බව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ඇස්තමේන්තු අනුව මෙම 2025 වසරේ පළමු භාගයේ දී ම මුළු බදු ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනු ලබන්නේ.

තව ද සිගරැට් මිල ඉහළ යෑමත් සමඟ 2025 වසරේ පළමු භාගයේ දී සිගරැට් සඳහා වන බද්ද 2024 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 44 ක් දක්වා එනම් 17.4 % කින් අඩු වී බව ද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

ඒ අනුව මෙමෙ වාර්තා අනුව, රජය 2025 වසරේ පළමු භාගයේ දී ම ලබා ඇති මුළු ආදායම 24.8 % කින් එනම් රුපියල් මිලියන 2,322 කින් ඉහළ ගොස් ඇති බවයි මුදල් අමාත්‍යාංශය අවසාන වශයෙන් දක්වා සිටියි.

leave a reply