මේ වසරේ VAT බද්දෙන් රුපියල් බිලියන 876ක ආදායමක් ලැබිලා

Date:

2025 වසරේ ප්‍රථම භාගයේ දී VAT බද්දෙන් රුපියල් බිලියන 876 ක ආදායමක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එසේම 2024 වසරේ පළමු භාගය හා සසඳන විට 2025 වසරේ පළමු භාගයේ තුළ දී ශ්‍රී ලංකාවේ බදු ආදායම් රැස් කිරීම සියයට 26 % කින් පමණ ඉහළ ගොස් ඇති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනු ලබන්නේ එම ඉහළ යෑමට හේතුව එකතු කළ අගය මත බද්ද (VAT) සහ සුරා බදුවලින් ලැබුණු ආදායම ඉහළ යාම බවයි .

ඒ අනුව 2025 වසරේ ප්‍රථම භාගයේ දී VAT බද්දෙන් රුපියල් බිලියන 876 ක ආදායමක් ලැබී ඇති බව ද, සුරා බදු හරහා ලැබෙන ආදායම පෙර වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 335.6 % කින් ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් බිලියන 129.1 ක් ලෙස සටහන් වන බව ද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, එම කාල සීමාව තුළ බදු ආදායම 9.2 % කින් ඉහළ ගොස් රුපියල් බිලියන 489ක ආදායමක් ලබා ඇති බව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ඇස්තමේන්තු අනුව මෙම 2025 වසරේ පළමු භාගයේ දී ම මුළු බදු ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනු ලබන්නේ.

තව ද සිගරැට් මිල ඉහළ යෑමත් සමඟ 2025 වසරේ පළමු භාගයේ දී සිගරැට් සඳහා වන බද්ද 2024 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 44 ක් දක්වා එනම් 17.4 % කින් අඩු වී බව ද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

ඒ අනුව මෙමෙ වාර්තා අනුව, රජය 2025 වසරේ පළමු භාගයේ දී ම ලබා ඇති මුළු ආදායම 24.8 % කින් එනම් රුපියල් මිලියන 2,322 කින් ඉහළ ගොස් ඇති බවයි මුදල් අමාත්‍යාංශය අවසාන වශයෙන් දක්වා සිටියි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...