කොවිඩ් අස්සේ ආණ්ඩුව වනාන්තර හෙක්ටයාර් ලක්ෂ 05 ක් විනාශ කිරීම අරඹයි

රටේම අවධානය යොමුවී තිබෙන්නේ කොවිඩ්-19 වෙතයි. මේ අවසරයෙන් ආණ්ඩුව මෙරට වටිනා වනාන්තර හෙක්ටයාර් ලක්ෂ 05 ක් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමට දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත්කර තිබේ. මෙම සිතියමේ දැක්වෙන තද කොළපාට කොටස් වලට මායිම්ව පවතින මෙම වනාන්තර අවශේෂ කැලෑ යනුවෙන් හැඳින්වුවද ඒවා ජෛව විවිධත්වය අතින් ඉහළ, අක්කර දහස් ගණනක වනාන්තරවල සිට කුඩා පරිසර පද්ධති දක්වා විහිදේ. මේවායේ ගංගා, ඇල, දොල, රක්ෂිත මෙන්ම ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක ස්ථානද පිහිටා ඇත.

රටතුළ වගාකළ හැකි ඉඩම් ප්‍රමාණවත් තරම් තිබියදී මෙවැනි අති දැවැන්ත වනාන්තර විනාශයක් රාජ්‍ය අනුග්‍රහයෙන් කිරීමට ඉඩ ලබාදීම මෑත ඉතිහාසයේ අපේ පරිසරයට සිදුකරන දැවැන්තම විනාශය වනු ඇත. ගොවීන්ට ඉඩම් දෙන්නට මෙම වනාන්තර ඉඩම් යොදාගන්නවා යැයි ආණ්ඩුව කිව්වද මේවා කිසිදිනෙක ගොවීන්ට නොලැබෙන අතර මෙම ඉඩම් ඉදිරියේදී මහා පරිමාණ ව්‍යාපාරිකයින් අතට පත්වනු ඇත. මෙම දැවැන්ත පරිසර විනාශයට එරෙහි නොවුණහොත් අනිකුත් වනාන්තරද මේ ආණ්ඩුව විසින් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ලබාදීම වැලැක්විය නොහැකිය.

මා ව්‍යාපාර දියුණු කිරීමේ වැදගත්කම හොඳින්ම දන්නා අතර මෙවැනි පරිසර හානියක් කරමින් ඒ වෙනුවෙන් උපායමාර්ගයක් සකස් කිරීමේ අමනෝඥ ක්‍රියාව තරයේ් හෙළා දකිමි. වසර 50 කට ආසන්න කාලයක් වැඩුණු මෙම අවශේෂ වනාන්තරවල ඉහළ ජෛව විවිධත්වයක් තිබෙන අතර පසුගිය කාලයේ මියගිය කළු දිවියන් පවා සිටියේ මෙවැනි වනාන්තර වලයි.

කොන්ක්‍රීට් ගොඩනැගිලි, අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් පමණක් රටක් දියුණුකළ නොහැකි අතර රටක සුවදායී අමිල පරිසර පද්ධතිය සුරැකීමද තුලිත සංවර්ධනයට අත්‍යවශ්‍ය වේ. පක්ෂ පාට බේදයෙන් තොරව මෙම මහා පරිසර විනාශයට එරෙහිව පෙළ ගැසෙමු.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...