“රටට ඩොලර් ගේන්න කියලා පාර්ලිමේන්තු ආපු ධම්මික පෙරේරා තමන්ගේ වතුවල වැඩකරන සේවකයන්ට 1000 දෙන්නෙ නැහැ”

කම්කරු නීති උල්ලංඝණය කරමින්, බලහත්කාරී පාලනයක් ගෙන යන ප්‍රධානියකු ලෙස වැවිලි සමාගමක අයිතිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට චෝදනා

එල්ල වී තිබේ.

” වතු කම්කරුවන්ගේ අයිතිය, කම්කරු නීති, ගැසට් කරපු රුපියල් 1000 වැටුප මේ කිසිවක් සලකන්නේ නැතුව තමයි වතු පාලකයෝ වැඩ කරන්නේ. ඒ අතරින් ප්‍රමුඛයා වෙන්නේ ධම්මික පෙරේරා මන්ත්‍රී තුමාගේ හේලීස් වැවිලි සමාගම,” යැයි ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසයි.

කම්කරු අමාත්‍යංශ වැය ශීර්ෂය වෙනුවෙන් පැවති විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් කියා සිටියේ ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන වැනි වැවිලි සමාගම් හිමියන් කම්කරු නීති ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන බවයි.

” රටට ඩොලර් ගේනවා කියලා පාර්ලිමේන්තු ආපු ධම්මික පෙරේරා මන්ත්‍රීතුමා එයාගේ යටතේ ඉන්න කම්කරුවන්ට අයිතිවාසිකම් දෙන්නේ නැහැ. අඩුම ගානේ වැඩි කරපු රුපියල් 1000 දෙන්නෙත් නැහැ.”

” වතු දිස්ත්‍රික් 10 ක පාලනය තියෙන්නේ වතු අයිතිකාරයෝ හතර පස් දෙනෙක් අතේ. ආණ්ඩුවට වැඩි බලයක් ඒ අයට තියෙනවා. බලංගොඩ සහ මඩොල්සිම වැවිලි සමාගම් අයිති හැරී ජයවර්ධනට, හේලීස්, හොරණ, තලවාකැලේ, කැළණි වැලි වැවිලි සමාගම් ධම්මික පෙරේරා මන්ත්‍රීතුමාගේ.”

Share post:

Popular

වෙනත් පුවත්

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...