ජීනීවා නගරයට රොඳ බැන්දේ කවුද ?

මේ රටේ කෝටි දෙකක් ජනතාව වෙනුවෙන් තම ජීවිත පවා පරදුවට තබමින් ඉදිරියට ආ දේශප්‍රේමී ජනයා මේ වනවිට ජනතාවගෙන් පා පහර වැදී සිටියදී පිනට ඔටුන්න බැළඳගත් ද්‍රෝහී රනිල් ගේ වියරු මර්ධනයට ලක්ව ඇත. ඉතිහාසයම ජනතාව ගිලටීනයට දැක්වූ එජාපය සුපුරුදු ලෙස මර්ධනය දියත් කරන්නේ රට වලපල්ලට ඇද දැමූ රාජපක්ෂ චෞර වලල්ල සමගය. මෙන්න මේ ත්‍රාඩ මර්ධනය දියත් කරමින් වලකන්නට දත කන්නේ ජනතාවගේ බුර බුරා නැගෙන ව්රෝධයයි. අරගලයට ප්‍රහාර එල්ල කරමින් ගේම ඕවර් කියූ රනිල් රාජපක්ෂ ද්‍රෝහීන්ගේ රජකලිසං තෙත් වෙමින් පවතින්නේ නැවත අරගලය රට තුළ මෙන්ම රටින් පිටද ජයග්‍රාහීව දියත් වීම අභියසදීය. ජිනීවා නගරයට එකතුවූ දහසකට ආසන්න යුරෝපයේ වාසය කරන ගෞරවණීය ශ්‍රී ලාංකික පුරවැසියන් එක හඬින් විරෝධය පළකරමින් රනිල් රාජපක්ෂ කෲර පාලනයට එරෙහිව මෙම ස්ථානයට එක්විය.

පැමිණි සියළු දෙනාගේම ඒකායන බලාපොරොත්තුව වන්නේ යහපත් රටකි. භීෂණයෙන් මර්ධනයෙන් තොර ලංකාවකි. එවන් රටක් බිහිවනතුරු අරගලය ඉදිරියට යනු ඇත. අරගලය ජඩ දේශපාලනය අවසන් කරමින් ජයග්‍රාහීව අවසන් වනු ඇත. එතෙක් මජර දේශපාලනයට එරෙහිව එසවූ කොඩිය අපි බිම නොතබන්නෙමු.

අරගලයට ජය

Russell CP Bandarawatta

Share post:

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...

22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්...

උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට...

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...