තැපෑලේ ලාභ ලැබීම වගකීම සේවකයන්ගේ කර පිටට

තැපෑල් දෙපාර්තුමේන්තුව තවදුරටත් භාණ්ඩාගාරයට බරක් නොවිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබේ.

ඔහු මෙම අදහස් පල කළේ, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් සහයකයන් ලෙස තෝරා ගත් 731 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානයට සහභාගී වෙමිනි.

දැනට ඇති පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1000 ක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීම පරිදි 2025 අගෝස්තු 19 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව, මේ දක්වා තැපැල් දෙපාර්තුමේන්තුවේ ආදේශක සේවකයින් ලෙස ලියාපදිංචි වී සිටි නිසි සුදුසුකම් සම්පුර්ණ කළ පිරිස අතරින් ඉහත 731 දෙනෙකු මෙලෙස බඳවා ගැනීම සඳහා තෝරාගනු ලැබ ඇත.

බඳවා ගැනීම් සියල්ල සිදු කරනුයේ සියලු සේවාවන් කඩිනමින් සපයා ජනතාවගේ විශ්වාසය දිනාගෙන, ආදායම් තත්ත්වය ඉහළ නන්වා ගනිමින් භාණ්ඩාගාරයට වැය බරක් නොවී තැපෑල අමතර ආදායමක් එක් කරනු ලබන තැනක් බවට පත් කර ගැනීමට බවද අමාත්‍ය්වරයා සඳහන් කර ඇත.

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමට පෙර රාජ්‍ය ආයතන පාඩු ලැබීමට බලපාන ප්‍රධාන හේතුව සඳහන් කළේ එම ආයතන පාලන අධිකාරීන්වල පවතින වංචා දූෂණයි. දැන් බලයට පත්වූ පසු පාඩු ලැබීමේ සහ ලාභ ලැබීමේ වගකීම සේවකයන් මත පැටවීමට කටයුතු කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...