තැපෑලේ ලාභ ලැබීම වගකීම සේවකයන්ගේ කර පිටට

තැපෑල් දෙපාර්තුමේන්තුව තවදුරටත් භාණ්ඩාගාරයට බරක් නොවිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබේ.

ඔහු මෙම අදහස් පල කළේ, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් සහයකයන් ලෙස තෝරා ගත් 731 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානයට සහභාගී වෙමිනි.

දැනට ඇති පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1000 ක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීම පරිදි 2025 අගෝස්තු 19 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව, මේ දක්වා තැපැල් දෙපාර්තුමේන්තුවේ ආදේශක සේවකයින් ලෙස ලියාපදිංචි වී සිටි නිසි සුදුසුකම් සම්පුර්ණ කළ පිරිස අතරින් ඉහත 731 දෙනෙකු මෙලෙස බඳවා ගැනීම සඳහා තෝරාගනු ලැබ ඇත.

බඳවා ගැනීම් සියල්ල සිදු කරනුයේ සියලු සේවාවන් කඩිනමින් සපයා ජනතාවගේ විශ්වාසය දිනාගෙන, ආදායම් තත්ත්වය ඉහළ නන්වා ගනිමින් භාණ්ඩාගාරයට වැය බරක් නොවී තැපෑල අමතර ආදායමක් එක් කරනු ලබන තැනක් බවට පත් කර ගැනීමට බවද අමාත්‍ය්වරයා සඳහන් කර ඇත.

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමට පෙර රාජ්‍ය ආයතන පාඩු ලැබීමට බලපාන ප්‍රධාන හේතුව සඳහන් කළේ එම ආයතන පාලන අධිකාරීන්වල පවතින වංචා දූෂණයි. දැන් බලයට පත්වූ පසු පාඩු ලැබීමේ සහ ලාභ ලැබීමේ වගකීම සේවකයන් මත පැටවීමට කටයුතු කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...