ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයෝ සියදිවි නසාගනිද්දී දයා ගමගේලාට රාජ්‍ය බැංකුවලින් ණය සහන දෙන හැටි

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් සියදිවි නසා ගනිද්දී මහා පරිමාණ ව්‍යාපාරිකයින් රාජ්‍ය බැංකුවකට ගෙවිය යුතු ණය බොල් ණය ලෙස කපා හැර ඇති ආකාරයට ඊයේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැහැදිලි කළා.

මෙන්ඩිස් සමාගමේ අයිතිකරු අර්ජුන් ඇලෝසියස් රුපියල් මිලියන තුන්දහස් දෙසිය හතළිස් දෙකක ණය මුදලක් ලංකා බැංකුවට නොගෙවා පැහැර හැර ඇති බවත් දයා ගමගේට අයත් දයා ඇපරල් සමාගම රුපියල් මිලියන දෙදහස් හයසිය හතළිස් අටක ණයක් රාජ්‍ය බැංකුවක් වෙත ගෙවීම පැහැර හැර ඇති බවත් දුමින්ද නාගමුව මෙහිදී පැවසීය.

එසේම ඔහු මෙහිදී සඳහන් කරේ ධම්මික පෙරේරා Barclays සමාගම රුපියල් මිලියන 575ක බදු නොගෙවා පැහැර හැර ඇති බවයි.

එසේම ඔහු පැවසුවේ මහා පරිමාණ වයපරිකයන් විසින් රාජ්‍ය බැංකුවලින් ලබාගත් බිලියන 101ට ආසන්න ණය නොගෙවා පැහැර හැර ඇති බවයි. නමුත් සමස්ත ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් ලබාගත් ණය ගණන් බැලුවහොත් මුළු ප්‍රමාණය රුපියල් බිලියන 25ක් පමණ වන බව දුමින්ද නාගමුව මෙහිදී පැවසිය.

අර්ජුන් ඇලෝසියස් වෙත ලංකා බැංකුව සහ මහජන බැංකුව ණය ලබාදී ඇත්තේ ඒ සමයේ බලපත්‍රයක් හෝ රහිතව පවත්වාගෙන ගිය මෙන්ඩිස් සමාගම වෙත බව කෝප් කමිටුව විසින්ද අනාවරණය කර තිබුණි. එසේම අර්ජුන් ඇලෝසියස් යනු මහ බැංකු මංකොල්ලයේ චූදිතයෙකි. වෙනත් ආකාරයකින් කියනවා නම් ජනතා දේපොළ කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.

එසේම දයා ගමගේ යනු ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමට ඇති ප්‍රධාන මූල්‍ය ආයතනයක හිමිකරුවායි. ධම්මික පෙරේරාත් මූල්‍ය සමාගම් කිහිපයක්ම පවත්වාගෙන යන්නෙකි.

මොවුන් එක් පසෙකින් මූල්‍ය ප්‍රාග්ධනය හරහා ජනතාව ගසා කමින් සිට අතර තවත් පසෙකින් ජනතා දේපොළ කාබාසිනියා කරමින් සිටින ආකාරය පිළිකුල් සහගත වේ.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...