රනිල්ව එළවන්න රටම පාරට බහින්න – වසන්ත මුදලිගේ

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ඉදිරි දින දෙක තුල විරෝධතා දියත් කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

19 වන දින විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරන බවද එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසීය. අද දිනයේ සිට තමනට ආසන්න නගරවල පැමිණ විරෝධතා පවත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලන බව ද ඔහු සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාද ධුරයෙන් ඉවත් කළ හැකි වූයේ රටම විරෝධතා භූමියක් බවට පත් වීම නිසා බවද ඔහු සිහිපත් කරයි.

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සඳහා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙම අරගලයද ජයග්‍රහණයෙන් අවසන් කිරීමට හැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...