IMF ගැලවුම්කරුවෙක්ද? – ආජන්ටීනා උදාහරණය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැලවුම්කරුවෙක්ද කියන එක පිළිබඳව හොඳ උදාහරණයක් ගන්න පුළුවන් ආජන්ටිනාවෙන්.

මේ වසරේ මාර්තු 18 දා ආජන්ටිනියානු සෙනට් සභාව අනුමත කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 47 ක ණය මුදලක් ගන්න. ඔවුන්ගේ ආර්ථිකය බංකොලොත් වෙන්නයි යන්නේ. 2022 වසරේ ඔවුන් ණය වාරික විදිහට ඩොලර් බිලියන 19 ක් ගෙවන්න තියෙනවා. මේ ණය වැඩි ප්‍රමාණයක් ඔවුන් 2018 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ම ගත්ත ණය. මේකෙන් පැහැදිලිව පෙනෙනවා මේක උත්තරයක් නොවෙන බව. මේ ක්‍රියාවලිය දිගින් දිගටම යද්දී සිද්ධවෙන්නේ ණය සංකේන්ද්‍රණය වීම. 2018 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආජන්ටිනාවට නිර්දේශ කළ ව්‍යූහාත්මක ගැලපුම් ක්‍රියාත්මක කරද්දී බහුතර ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහලට ඇද වැටුණා. ව්‍යාපාර, කුඩා පරිමාණ ආයතන ඇදවැටුණා. ඒවායේ සේවකයන් වන්දි ගෙවීමකින් තොරව එළියට දැම්මා. ඉන්ධන සහනාධාර, ආහාර සහනාධාර, සම්පූර්ණයෙන් කපලා දැම්මා. නමුත් ආර්ථිකයේ ධනය සංකේන්ද්‍රණය වීම, ආදායම ගලායාම සිදු වුණේ නෑ. අපිටත් ආජන්ටිනාව වගේ තිබුනටත් වඩා විශාල ණය කන්දකට කරගහන්න වෙන්න පුළුවන්

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...