‘රණවිරු’ ගැම්ම

ආණ්ඩුවෙන් හන්දි ගානේ, ෂෙඩ් ළඟට හමුදාව යොදවලා ඉන්න කාරණාව දැන් දැන් බොහෝදෙනෙකුට පැහැදිලි වෙමින් යනවා. ආණ්ඩුව නම් මුලදි කිව්වේ ෂෙඩ් ලඟට හමුදාව, පොලීසිය දාන්නේ ක්‍රමවත්ව තෙල් බෙදන වැඩේ කරන්න, විශාල ජනතාවක් පාලනය කරන්න කියලා. අපි ඒ වෙලාවේ ඇස් කන් පියාගෙන හිටියා.

අද වෙනකොට හමුදාව විසින් සාමාන්‍ය ජනතාවට තම බලය පෙන්නපු අවස්ථා ශාක්ෂි සහිතව වාර්තා වෙනවා. රාජ්‍යයකට හමුදාව යනු, රාජ්‍යට ‘අවනත’ නොවන අයට මර්දනය මුදාහැරීම සඳහා පත්කරගත් නිල කණ්ඩායමක්.

ඕක අමතක වුනු නිසා උතුරු – නැගෙනහිර දමිළ ජනතාව මත හමුදාව විසින් අති දරුණු ප්‍රචණ්ඩත්වය මුදාහරින කොට අපි හුරේ දැම්මා. හමුදාවට මල් මාලා දැම්මා. අහිංසක මිනිස්සු අමු අමුවේ මරපු මිනීමරුවෝ ජනාධිපති සමාව දීලා නිදහස් කරනකොට කිරිබත් කෑවා. රජයේ අමාත්‍යංශවලට හමුදා නිලධාරීන් පත්කරනකොට, දිස්ත්‍රික් 25ටම හමුදා නිලධාරීන් පත්කරනකොට ඇස් කන් පියාගෙන හිටියා.

දැන් අපි රණවිරෝවෝ කියපු අයම අපේ පැත්තට හැරිලා ‘අපි තොපි නෙමෙයි යකෝ ආරක්ෂා කරන්නේ’ කියලා කනට ගහලා පෙන්නලා දෙමින් ඉන්නවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...