දකුණේ දෙනෝදාහක් මැද්දෙ මෙහෙමනං, උතුරේ කැලෑ අස්සෙ මුං කොහොම කරන්න ඇත්ද?

අසාධාරණ ලෙස හමුදාව තම අභිමතය පරිදි ඉන්ධන ලබා ගැනීමට එරෙහිව හඬ නැගූ තරුණයකුට ජූලි තුන් වෙනිදා  කුරුණෑගල  දඹුල්ල මාර්ගයේ යක්ගහපිටිය ප්‍රදේශයේ  ලාෆ්ස් ඉන්ධන පිරවුම් හලේ දී  පහරදීමක් සිද්ධ කරනවා. මේ පහරදීම සිද්ධ කරන්නේ වැහැර කෑම්ප් එකේ හමුදා නිලධාරියෙක්. පහර දීම පිටුපස තිබෙන්නේ බලය අයුතු ලෙස යොදාගැනීමයි. තම  අභිමතයට ඉඩ නොදෙන සාමාන්‍ය ජනතාවට  හමුදා උෂ්ණය පෙන්වීමයි. එපමණක්ද නොව මෙය ආණ්ඩුවේ උවමනාව බවද අප තේරුම් ගත යුතුයි. තැනින් තැන මර්දනය දියත් කර ජනතාව බිය වැද්දීම මෙහි අරමුණයි.  සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය එතන සිටියදීත් මේ හමුදා නිලධාරියා ඔහුට අයත් නැති රාජකාරියක් වරා ගනිමින් තරුණයාට පහර දෙන්නේ රැස්ව සිටින ජනතාව බිය වැද්දීමට ත්‍රස්ත කිරීමට.

අපි ජනතාවගෙන් මේ මොහොතේ අහනවා,  ආරක්ෂක අංශ වලට තමන්ගේ හිතුමතයට ඉන්ධන ලබා ගැනීමට ඉඩ දීමට තව දුරටත් එකඟද කියා.  ඔබගේ ජීවිතය වෙනුවෙන් පෙනී සිටින සෞඛ්‍ය සේවකයන්ට අත්‍යවශ්‍ය සේවා යටතේ ඉන්ධන ටික ලබා ගැනීමට ඉඩ නොදී  ප්‍රශ්න කරමින් ඉවත් කරන ඔබ  ඔබව මර්දනය කරන්නට ෆුල් ටෑන්ක් ඉන්ධන ගසන මුන්ට එරෙහි වන්න බියවන්නේ ඇයි.

එපමණක්ද නොව මේ පිළිබඳව සිතා බලන්න ඉන්ධන නොමැති බව පවසා ඔබගේ දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් කර තිබෙනවා. ඉන්ධන නොමැති බව පවසා ඔබට රැකී රක්ෂාවක් කරන්න තිබෙන අයිතිය උල්ලංඝනය කර තිබෙනවා. අසනීපයක් හැදී ඔබගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් ඔබ හමුවට එන විට ඊට අදාළ කරන බෙහෙත් ටික ඔබට ගන්න බැරි තැනට පත් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ගෝඨාභය ඇතුළු මේ ආණ්ඩුව ජීවිතය අත්‍යවශ්‍ය නොවන අනවශ්‍ය දෙයක් බව අපිට ඔප්පු කර පෙන්වා තිබෙනවා. සියලු අපහසුතා මැද නිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂලා ඇතුළු කණ්ඩායම ඔවුන්ගේ ජීවිතය තවමත් පෙර සේම සුව පහසුවට ගෙවමින් පසුවෙනවා.

ඒ තරුණයාට පහර දුන් හමුදා නිලධාරියා තමන්ගේ ගිනි අවිය සහ නිළ ඇඳුමේ  බලය තමයි පෙන්වූයේ.  ඔබ සංවිධානාත්මක ඒකරාශී වුණා නම් ඔවුන්ට ඔබගේ බලය පෙන්වන්න තිබුණා. මොවුන් ඔබට ඔබගේ ජීවිතය අහිමි කර තිබෙන මොහොතක ජීවිතයත් එක්ක සූදු කෙළින මොහොතක ඔබ මුහුණ දී සිටින අසාධාරණයට එරෙහිව නැගී සිටින ඔබගේ  අනෙකාව ආරක්ෂාකිරීමට පෙනී සිටින්න.  මර්දන යාන්ත්‍රණය යොදාගෙන මර්දනය කරන්නට සූදානම් වනවිට  ඊට එරෙහි වන්න.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...