Breaking News

වසර ගනනාවක දුෂ්කර අරගලයක තවත් ජයක්

Fedarazione Delle Associazione Bresciane per Immigrazione
සංක‍්‍රමණිකයින් සඳහා බ්‍රෙෂියා සංගම් සම්මේලනය

ෆාබි යනු බ්‍රෙෂියා පලාත තුල වාසය කරන විවිධ රටවලට අයත් සංක‍්‍රමණිකයින් විසින් ගොඩනගාගෙන තිබෙන සංවිධානන්හි එකමුතුවකි. එනම් සංවිධානයන්හි මව් සංවිධානයයි. ඉතාලි ශ‍්‍රීලංකා සහයෝගිතා සංවිධානය ලෙස ආරම්භයේ සිටම විවිධ වූ සංවිධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම අරමුණ වූ අතර විවිධ වූ විදෙස් ශ‍්‍රමිකයින්ගේ සංවිධාන එකමුතුවෙන් අපේම වූ සංවිධානයක් ගොඩනගා ගැනීමට ආරම්භයේ සිටම වෙහෙස වූයෙමු. ඊට ප‍්‍රධාන හේතුව වූයේ විවිධ වූ අරමුණු සහිත කණ්ඩායම් තම පටු අරමුණු සඳහාද සංක‍්‍රමණිකයින්ගේ ගැටලූ පාවිචිචි කිරීම දිගින් දිගටම සිදු කරන නිසාය. ෆාබි වාම පදනමක් සහිත සංවිධානයක් වන අතර සංක‍්‍රමණිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී. සංක‍්‍රමණිකයින්ගේ කටයුතු වලට අදාල ක්වෙස්තූර, පෙරෙෆෙත්තූර. කොමූනෙ ආදී ආයතන විසින් සංක‍්‍රමණික අයිතිවාසිකම් උල්ලංගනය කරන, නොසලකා හරින, පමාකරන හා අපහසුතාවයන්ට ලක්කරන අවස්ථාවන්හිදී ඊට මැදිහත්වී අයිතීන් දිනා ගන්නට දීර්ඝකාලයක් තිස්සේ කටයුතු කරන සංවිධානයකි. ඔබට මතකනම් ක්වෙස්තූරා ආයතනය වෙත පැමිනෙන සංක‍්‍රමණිකයින්හට මුල් කාලීනව සිදුවූයේ පාන්දරින් ගොස් පෝලිම් වල සිට දැඩි පීඩාවන්ට ලක් වන්නටය. එහෙත් අපගේ මැදිහත්වීම් තුලින් අද පවතින පහසු තත්වයට පරිවර්ථනය කර ගැනීමට සමත් වීමු. එම පහසුව අද කවුරුත් බුක්තිවිඳින මුත් ඒවා දිනා ගත්තේ කෙසේද යන්න කිසිදු වැටහීමක් හෝ ඇගයීමක් සමහරුන්ට නැත. කොරෝනා තත්වය යටතේ එම පහසුකම් ආපසු හරවන්නට විවිධ ආයතන උත්සහ කලත් එහිදීද ෆාබි ලෙස සංක‍්‍රමණික අයිතීන් සුරැකීමට මැදිහත් වෙමින් සිටිමු. නිදසුනක් ලෙස කොරෝනා වසංගතය හේතුවෙන් ස්පොර්තෙල්ලෝ වුනිකෝ (පෙරෙෆෙත්තූර ශාකාව) හි කටයුතු සඳහා සංක‍්‍රමණිකයින්හට විවෘත නොකිරීමට ඔවුන් කටයුතු කරමින් තිබූ තත්වයක් තුල එයට මැදිහත්වී සංවිධාන නියෝජිතයින් ස්වෙච්ඡුා සේවකයින් ලෙස පිලිගන්නා ලෙසට බලපෑම් කර අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ අවසරය ගැනීමට සමත් වීමත් ඒ අනුව පුරවැසිභාවය, ෆැමිලි වීසා කටයුතු ලේඛණ සහතික කිරීම හා සනතෝරියා කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්තාව උදාකර දුනි. මේ වන විට තවත් ජයග‍්‍රහණයක් අත්කර ගන්නට අප සමත්ව සිටිමු. ඒ සියලූ රාජ්‍ය ආයතන නීත්‍යානුකූලව පිලිගන්නා ආයතනයක් බවට ෆාබි පත්වීමයි. ඒ අනුව විවිධ කටයුතු වලදී වෘතීය සමිති වලට, නීතීඥ්ඥවරුට හා විවිධ පිළිගත් ආයතන වලට ලබා දී තිබූ පිළිගැනීම ෆාබි වෙත පිරිනැමීමට ඉතාලි රජය කටයුතු කර තිබේ. ඔබද දන්නා පරිදි විවිධවූ කටයුතු සඳහා විවිධ ආයතන මුදල් අයකරයි. වෙනත් නගර දෙස බලන විට ඉතා සුලූ කාරණා වලදී පවා විදේශිකයින්ගෙන් මුදල් අයකර ගනී. නැතිනම් පහසුවෙන් විසඳාගත හැකි ගැටලූවකට පවා නීතීඥ්ඥයින්ට මුදල් ගෙවීමට සිදුවේ. එහෙත් එවන් බොහෝ ගැටලූ කිසිදු අයකිරීමකින් තොරව පහසුවෙන් විසඳා දීමට බ්‍රෙෂියා පලාත තුල අප සමත්ව ඇත්තෙමු. ඉදිරියේදී තම සේවාවන් වඩා විධිමත්ව ඉටුකිරීමටද ෆාබි සැලසුම් කර සිටිමු. 2021 වසරේ සිට එම කටයුතු වඩා විධිමත්ව හා පහසුවෙන් ලබා දීමට කාර්යාල කටයුතු ආරම්භ කිරීමටද උත්සහ කරමින් සිටුමු.

මේ සියලූ කටයුතු හා සංවිධානයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් සාමාජික කාඞ් පතක් නිකුත් කරන්නට තීරණය කලෙමු. වසරක කාලයකට එහි සාමාජික ගාස්තුව වන්නේ යුරෝ 20කි. සාමාජික කාඞ්පතහිමි සියලූ දෙනාට ෆාබිහි සියලූ සේවාවන් ලබා ගැනීමට අයිතිය හිමිවේ. ඒ නිසා මුදල් වැය කර සමහර විට යම් ගැටලූවක් විසඳීමට හැකියාවන් නැති අයට පවා රැවටී රස්තියාදු වනවාට වඩා ෆාබි සමග එක්වන්නැයි ආරාධනා කර සිටිමු. ඔබේ කාඞ් පත සඳහා අප අමතන ලෙසටද මතක් කර සිටිමු.

ෆාබි නියෝජිත ඉතාලි ශ‍්‍රී ලංකා සහයෝගිතා සංවිධානය

leave a reply