Breaking News

මීතොටමුල්ල ඝාතන වලට වසර 5 යි

කොළොන්නාව කුණු කන්ද කඩා වැටී මිනිස් ජීවිත ගණනක් විනාශ වී වසර 05ක් ගතවී තිබේ.

කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වූ නුවන් බෝපගේ තැබූ සටහනක් පහත දැක්වේ.

අද දින ගෝල්ෆේස් දෙසින් ඇවිලෙන “ඝෝඨා පිස්සෙක් “යන සටන් පාඨ මැද කුණු කන්දට යටවූ අපේ පංතියේ මිනිස්සු අපි සැමරුවෙමු.

වසර 10 කට පෙර කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පිහිටුවන කොටම ඝෝඨා පිස්සෙක් බව අපි කිව්වෙමු.

ලෝකයෙන්ම ණය අරන් කොළඹ ජොගින් ට්‍රැක්,උද්‍යාන හදන ගමන් කොලොන්නාවේ මහා කුණු කන්දක් නිර්මාණය කරන්න හැක්කේ පිස්සෙකුට පමණි.

ඒ කන්ද විකුණා 2015 යහපාලනය බලයට පත්විය.ඒ පාලනය තුලද කුණු කන්ද තවත් අඩි ගණනකින් උස්විය.

අද IMF යන්න උපදෙස් දෙන රනිල් වික්‍රමසිංහද ඒ ආණ්ඩුවේ සිටි චම්පිකලා සජිත්ලාද ඒ අනුව අපටනම් ජන ඝාතක පිස්සෝය.

මාරුවෙන් මෑරුවට ජනතාව සහ ආර්ථිකය ඝාතනය කල මේ ක්‍රමය වෙනස් කරන්න මේ වන විට රොදබැදි ජනතාවට මීතොටමුල්ල ස්මාරකය අභියස සිට මීතොටමුල්ල අරගලයේ නියමුවන් අද විප්ලවීය ආචාරය පුද කරන ලදි.

කුණු කන්දට යටව මියගිය සිංහල, දෙමළ, මුස්ලිම් අහිංසකයන්ගේ නාමයෙන් මේ ක්‍රමය පෙරලලා මහජන බලයක් ගොඩනගමු.

නුවන් බෝපගේ

leave a reply