මෛත්‍රී පාස්කු සැකකරුවෙකු ලෙස නම් කර ඔක්තෝබර් 14 අධිකරණයට කැඳවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පෞද්ගලික පැමිණිල්ලක් ලෙ ගොනුකළ නඩුවකට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔක්තෝබර් 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (16) නොතීසි නිකුත් කළේය.

ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට එදාල එම පෞද්ගලික නඩු විභාගයේ සැකකරුවෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කර තිබේ.ෙ
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් නියෝජනය කරමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියනම සහ ජේසුරාජ් ගනේෂන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබුණේ හිටපු ජනාධිපතිවරයාට මරණීය දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමිනි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාල බොහෝ සැකකරුවන් මෙන්ම වගකීම් පැහැරහරින ලද පුද්ගලයන් පිළිබඳ නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සහ විමර්ශන අංශ අසමත් වූ අතර, රාජපක්ෂ පවුල යටතේ පවතින වත්මන් ආණ්ඩුව එම විමර්ශන නිසියාකාරව කරගෙන යෑමට උනන්දු නොවීය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේනද නීතියෙන් නිදහස් වූ බවක් පෙනෙන්නට තිබුණි.

එහෙත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නොසැලකිල්ල නිසා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ බව පෙන්වාදෙමින් සිරිල් ගාමිණී පියනම ඇතුළු පිරිස ගොනුකළ නඩුව නිසා, එම තත්වය වෙනස් වී තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න, නීතිඥ තේජිත කෝරළගේ, උදාර මුහන්දිරම්ගේ සහ තිළිණ පුංචිහේවා යන නීතිඥවරු පෙනී සිටියහ.

daily mirror

උපුටා ගන්නා ලද්දේ Tharindu Uduwaragedara මුහුණු පිටුවෙනි

Share post:

Popular

වෙනත් පුවත්

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...