එදා වෛද්‍ය සාෆිට බොරු චෝදනා, “වඳ සැත්කම් ටොම් පච” එල්ල කරමින්, රට පුරා ජාතිවාදය වපුරමින්, ඒ මතින් පාර්ලිමේන්තු ගිය තස්කඩි රෑනේ ප්‍රධානතමයෙක් තමයි අ’නාථ සුමන.
ඒ අකාරයට ජාතිවාදී බොරු මවා “රට බේරාගන්න” පාර්ලිමේන්තු ගිය අ’නාථ සුමන පසුව “ඖෂධ පිළිබඳ ඇමති” බවට පත්වුණා. අදාළ ඇමතිධූරයේ වසර දෙකක් ගතවන්නත් කලින් ලංකා ඉතිහාසයේ දැවැන්තම ඖෂධ හිඟයක් මේ රටේ ඇති කිරීමට ඔහු මුල්වුණා. ඒ නිසි කාලයේ ඖෂධ සඳහා මුදල් නොගෙවීමත්, එසේ නොහැකි වන විට ඒ පිළිබඳ සැබෑ තොරතුරු දේශපාලන උවමනාවන් මත සඟවාගෙන සිටීමත් හරහායි.
සාමාන්‍යෙන් ඖෂධ ආනනය කරද්දී සිදුවෙන ක්‍රමවේදය තමයි අදාළ ගිණුම්(LC) ආරම්භ කරලා, ගෙවීම් තහවුරු කරලා ඖෂධ ඇනවුම් කළායින් පස්සේ මාස තුනක් හතරක් වගේ කාලයදි ලංකාවේ රෝහල් පද්ධතියට සහ ෆාමසි වලට ඒ ඖෂධ ලැබීම. අඩුම තරමෙන් ජනවාරී මාසයේ ඖෂධ ගෙන්වීමට LC ආරම්භ කිරීමට මුදල් නැතිවූ විට ඒ බව පිළිගත්තානම්, ඒ මොහොතේ රටක් ලෙස අපි ඒ වෙනුවෙන් ආධාර ඉල්ලා සිටියා නම් මේ ආකාරයට දරුණු අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් කිසිසේත්ම අපේ රටේ ඇතිවෙන්නේ නැහැ. එහෙම කළානම් දැන් සිද්ධ වෙමින් තියෙන විදෙස්ගත අපේ රටේ ජනතාවගේ සහ වෙනත් විදේශ රටවල් වල මැදිහත්වීම මීට කලින් සිද්ධ කරගැනිම නිසා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධාන වල මැදිහත්වීමෙන් කිසිදු හිඟයක් නැතිව අදාළ වේලාවට ඖෂධ ලබාගන්න අපිට හැකියාවක් තිබුණා. එහෙනන් මේ ආකාරයට මර බියෙන් ජීවත් වෙන්න අපිට සිද්ධ වෙන්නෙ නැහැ.
ඒ වෙනුවට විෂයභාර ඇමති වූ අ’නාථ සුමන ඇතුළු ආණ්ඩුව කලේ එලෙස ඖෂධ ගෙන්වීමට මුදල් නැති බව පැවසුවහොත්, තමන්ගේ අසමත්කම හෙළිදරව් වන නිසා අදාළ තොරතුරු සාපරාධී ලෙස සඟවාගෙන සිටීම. ඒ නිසාම වෛද්‍යවරු විදියට අපි පවා ඖෂධ හිඟය ගැන දැනගත්තේ, අපි වැඩ කරන රෝහල් වලට නිසි කාලයට බෙහෙත් නොලැබී යද්දි. ලැබිය යුතු බෙහෙත් වලින් සුළු කොටසක් පමණක් ලැබෙද්දි. සරලව කිව්වොත් අප්‍රේල් මාසයෙදි ජනමාධ්‍ය වල මේ ගැන කියවෙන මොහොත වනවිට අපිට බෙහෙත් නැතිවෙලා ඉවරයි.
මතක් කරලා බලන්න, මේ හිඟයේ ආරම්භක සලකුණු මාර්තු අග වෙද්දි තැන් තැන් වල මතුවෙද්දි ආණ්ඩුව ඒ සම්බන්දයෙන් හැසිරුණු විදිය.
මාර්තු අවසාන සතියේ මධ්‍යම පළාතේ රෝහලක අත්‍යාවශ්‍ය ඖෂධයක හිඟතාවයක් නිසා එක් දිනයකට ශල්‍යකර්ම නැවතුනා. ඒ මොහොතේ අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයා චූදිතයා කරමින් ලිපියක් නිකුත් කළ අ’නාථ සුමන කියා සිටියේ “රටේ කිසිදු බෙහෙත් හිඟයක් නැති බවත් මෙය දේශපාලන හේතූන් මත අදාළ රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් ඇති කළ අර්බුදයක් බවත්” ය. වැඩ බැරි ජනාධිපති ගෝඨාභය වගේම, වැඩබැරි සහ ජාතිවාදී අ’නාථ සුමනලාත් කළේ අවසාන මොහොතේ ඇඳිවතත් කඩාවැටෙනතුරු “මෙය මා විසින් ඇති කළ අර්බුදයක් නොවේ” කියමින් පච වැපිරීමයි.
අඩුම තරමේ ජනවාරි මාසයේවත් තමන්ට බෙහෙත් ගෙන්වන්න මුදල් නැති බවට ඇත්ත කිව්වානම්, දැන් සිදුකරන ආකාරයට ඔවුන්ව පැත්තකට කර මේ රටේ මිනිස්සුන්ට එකතුවී හෝ මේ හිඟය ඇති නොවෙන්න විදෙස් ආධාර ඇතුළු ආධාර හොයාගනිමින් මේ ආකාරයට ජීවිත අනතුරේ වැටීම වළක්වාගන්න තිබුණා. එසේ නොකිරීමෙන් විෂයභාර ඇමති ඇතුළු ආණ්ඩුව කළේ අපරාධයක්. සිතාමතා මනුෂ්‍ය ජීවිත නැති කිරීමට ඉඩ හැරීමක්!
දැන් රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ නැතිවෙමින් යනවා. ඇතැම් රෝහල් වල සායනවලදී මාසයකට අවශ්‍ය බෙහෙත් ලබා දෙන්නෙ සති දෙකකට විතරයි. ඉතිරි සති දෙක පිටින් ගන්න කිව්වත්, මිනිස්සුන්ට සල්ලි නැහැ. ඉතින් බෙහෙත් නැතිකම නිසාවෙන් ප්‍රෙශර් වැඩිවෙලා, හර්දයාබාධ හැදිලා රෝගීන් රෝහල්වලට ඇතුළ් වෙන්න පටන් අරන් තියෙනවා. ඕක තමයි පෙට්‍රල්, ඩීසල්, ගෑස් පෝළිම් වල දිග නිසාම, ඒවායින් වැහිලා තිබෙන මේ මොහොතේ ඖෂධ තත්වය ගැන තිබෙන යතාර්ථය!
නැවතත් කියන්නේ මෙය නිකන්ම නිකන් හිඟයක් නෙමෙයි, සිතාමතා වළක්වා නොගත් එකක්. අපරාධයක්!
ඉතින් ජාතිවාදයට යටවෙලා, ඒ අදක්ෂ, වැඩබැරි, ජාතීවාදී තස්කඩීන් පාර්ලිමේන්තු යවලා, ඉන් එකෙක් ඖෂධ සම්බන්ද විෂයභාර ඇමති බවටත් පත්කරලා, අපේ ඉතිහාසයේ එදාමෙදාතුර විශාලතම ඖෂධ හිඟය ඇතිකරල අවසන්. ඒ වන්දිය දැන් අපි ගෙවමින් ඉන්නවා.
“බල්ලොන්ට කියලා කවාගන්නෙපා. සර්ප දෂ්ඨන වලින් බේරී සිටින්න.” මට එහෙම කියන්න පුලුවන්. ඒත් හැමදාම බිව්ව බෙහෙත් පෙති ටික නැතිකමින් හර්දයාබාධ හැදෙද්දි, හර්දයාබාධයකින් පසු ජීවිතය බේරාගන්නා සියළුම බෙහෙත් අවසන් වෙමින් තිබෙද්දි, අර ආකාරයට “හර්දයාබාධ හදාගන්නෙපා” කියලා කියන විදිය මට තේරෙන්නෙ නැහැ.
ඒක එහෙම වෙද්දි, අ’නාථ සුමන, අතුරලියේ රතන, විමල් වීරවංශ වැනි තස්කඩින් මුල් වෙලා, මුළු ජාතියක් හවුල් කරගෙන බොරු චෝදනා යටතේ දඬු කඳේ ගැසූ වෛද්‍ය සාෆි කරල තියෙන වැඩේ සුවිශේෂයි. අ’නාථ සුමනලාගේ බොරු චෝදනා මත වැටුප පවා අහිමි වසර ගණනක් ගතකළ වෛද්‍ය සාෆි, වසර ගණනකින් තමන්ට ලැබුණු “සම්පූර්ණ හිඟවැටුප” රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කරල තිබෙනවා.
මොහොතකට අ’නාථ සුමන ගැටළුව බවට පත්වෙද්දි සාෆි පිළිතුර බවට පත්වෙලා තිබෙනවා.
මේ තරම් දරුණු අර්බුදයක් මැද්දෙ පවා සතුටුවෙන්න, හිනාවෙන්න දේවල් අපිට හම්බෙනවා!