Breaking News

වසන්ත මුදලිගේ යාපනයට ගිහිල්ලා කිව්වා දේ – “අපි එකතුවෙලා සටන් කරමු”

ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත(PTA) සහ මේ මොහොතේ රට තුළ උද්ගතව ඇති තත්වය මෙන්ම ඉදිරි යෝජනා සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ යාපනය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක් අද(12) දින යාපනයේදී පවත්වන ලදී.

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ,

” යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ විදිහටත් උතුරු සමාජය ලෙසත් පහුගිය ඉතිහාසය ඇතුලේ මුහුණ දෙන්න වුනු ප්‍රශ්න ප්‍රමාණය සාකච්ඡා කළා. ඉඩම් සම්බන්ධ ප්‍රශ්නය ඒ වගේම මිලිටරි මැදිහත්වීම නිසා වූ ප්‍රශ්න ප්‍රමාණය. අපි උද්ඝෝෂණයක් කරා කියලා අපිට ඔලු පැලෙන්න පහරදීපු සන්නද්ධ හමුදා පහුගිය කාලෙ වගේම දැනටත් සාකච්චාවක් පවා පවත්වනවාට බයේ ගෙවල්වලට ගිහිල්ලා කරන මැදිහත්වීම් වගේම උතුරේ සමාජය මුළු ඉතිහාසයේ පුරාම මුහුණ දුන්න ඉඩම් සම්බන්ධ ප්‍රශ්නයේ ඉදලා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්නේ ඉදලා, භාෂණයේ නිදහස අහිමිවීම සම්බන්ධ ප්‍රශ්නේ ඉදලා මේ සියල්ල මෙතැනදී සාකච්ඡාවට ලක්වුණා. ඒ වගේම යාපනය ශිෂ්‍ය සංගම් සහෝදරවරුන්ගෙන් ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දකුණේ සමාජයට මේ පණිවිඩය ගෙනයන්න කියන ඉල්ලීම ඉදිරිපත් වුණා. පසුගිය ඉතිහාසයේදී මේ රට ලේ හලලා තියෙනවා අවස්ථා ගණනාවකදී. ඒ වගේම තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලපු දහස් ගණනක් ඝාතනයට ලක්වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා තවදුරටත් බෙදෙන්නේ නැතුව ඇනකොටා ගන්නේ නැතුව මේ ප්‍රශ්න විසඳීමට ඇත්ත උත්තර හොයාගැනීම සඳහා වඩා පුළුල් මැදිහත්වීමක් කළ යුතුයි. ඒකට මූලික පියවරක් ලෙස මේ සාකච්ඡාව අපි ගොඩනගා ගත්තේ. අපි විශ්වාස කරනවා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන්න කියන යෝජනාවෙන පටන් අරගෙන ඒ වගේම දේශපාලන රැඳවියන් නිදහස් කරන්න කියන යෝජනාවෙන් පටන් අරගෙන උතුරේ සමාජයේ තියෙන සියලු ප්‍රශ්න සඳහා අඛණ්ඩ මැදිහත්වීමක් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ රටේ අම්මා තාත්තාට අපි ආරාධනා කරනවා මේ රටේ විවිධ ප්‍රශ්න එක්ක අපි බෙදිලා හිටියා වසර ගණනාවක්. සියලු පාර්ශවයන්වල ඝාතන වෙලා තියෙනවා සිය ගණන් දහස් ගණන්. තවදුරටත් බෙදිලා ඉන්නේ නැතුව උතුරේ නැගෙනගිර දකුණේ ඇත්ත ප්‍රශ්නවලට උත්තර හොයාගන්න අපි එකතුවෙලා මැදිහත්වෙමු, සටන් කරමු. ”

leave a reply