බාල බෙහෙත්වලට දඩය ලක්ෂයයිලු!

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ සැපයීම හෝ විකිණීම යන වරදට මෙතෙක් අය කළ රුපියල් සියයේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

යම් ඖෂධයක් නියමිත ගුණාත්මකභාවය අඩුවන පරිදි මිශ්‍ර කිරීම සහ ඒ බව දැනුවත්ව එම ඖෂධය බෙහෙත් ශාලාවකින් නිකුත් කිරීම යන වරදවල් වලට මෙතෙක් පැවැති දඩ මුදල වූයේ රුපියල් 100කි.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

මේ දිනවල බාල ඖෂධ රට තුළට ගෙන්වීම සහ බාල ඖෂධ රට තුළ ව්‍යාජ බලපත්‍ර යොදාගෙන නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් විශාල කතා බහක් ඇතිව ඇති යුගයකි.

එසේම බාල ඖෂධ හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට සහ අතුරු ආබාධවලට ලක්විය.

මෙවැනි තත්ත්වයකදී එවැනි වැරදි සිදුකරන්නන් සඳහා දඩය රුපියල් ලක්ෂයක් කිරීම කිසිසේත් ප්‍රමාණවත් නොවේ.
ඔවුන් විශාල දඩයකට ලක් කළ යුතු අතරම අපරාධමය නීතියකට යටත් කළ යුතු බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...