Breaking News

විදුලි බිල වැඩිකරන්න සූදානම් ආණ්ඩුවෙන් කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත්කිරීමට පොරොන්දුවක්

කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිළකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.

ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් 12% හෙවත් මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයේ වීවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (සැප්තැම්බර් 17) දින එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා තිබේ.

ලංකාව මේවනවිටත් කලාපයේ වැඩිම විදුලි මිල සහිත රටවල් අතර සිටියි. එසේම ලංකා විදුලිබල මණ්ඩලය (CEB) 2025 වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු 6.8% කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙන බව පසුගියදා වාර්තා විය. මේවනවිට මෙම ඉහළ නැංවීමට අදාළ මහජන අදහස් විමසීමක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සූදානම්ව සිටියි.

මේ වසරේ ජුනි මාසයේදී 15% න් විදුලි බිල වැඩිකරන ලදී.

මෙම වැඩිවීම සිදුවන්නේ විදුලි බල මණ්ඩලය ලාභ පිට ලාභ ලබමින් සිටියදීය. පසුගියදා වාර්තා වූවේ විදුලිබල මණ්ඩලය මේ වසරේ දෙවන කාර්තුවට අදාළව රුපියල් මිලියන 53ක පමණ ලාභයක් ලබා ඇති බවයි.

ආණ්ඩුවේ ප්‍රකාශ සහ ආණ්ඩුවේ වැඩපිළිවෙල අතර ඇත්තේ අහසට පොළොව මේ වෙනසකි.

leave a reply