විදුලි බිල වැඩිකරන්න සූදානම් ආණ්ඩුවෙන් කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත්කිරීමට පොරොන්දුවක්

කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිළකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.

ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් 12% හෙවත් මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයේ වීවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (සැප්තැම්බර් 17) දින එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා තිබේ.

ලංකාව මේවනවිටත් කලාපයේ වැඩිම විදුලි මිල සහිත රටවල් අතර සිටියි. එසේම ලංකා විදුලිබල මණ්ඩලය (CEB) 2025 වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු 6.8% කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙන බව පසුගියදා වාර්තා විය. මේවනවිට මෙම ඉහළ නැංවීමට අදාළ මහජන අදහස් විමසීමක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සූදානම්ව සිටියි.

මේ වසරේ ජුනි මාසයේදී 15% න් විදුලි බිල වැඩිකරන ලදී.

මෙම වැඩිවීම සිදුවන්නේ විදුලි බල මණ්ඩලය ලාභ පිට ලාභ ලබමින් සිටියදීය. පසුගියදා වාර්තා වූවේ විදුලිබල මණ්ඩලය මේ වසරේ දෙවන කාර්තුවට අදාළව රුපියල් මිලියන 53ක පමණ ලාභයක් ලබා ඇති බවයි.

ආණ්ඩුවේ ප්‍රකාශ සහ ආණ්ඩුවේ වැඩපිළිවෙල අතර ඇත්තේ අහසට පොළොව මේ වෙනසකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...