කැස්බෑ මළසිරුරු ගොඩගැසීම සම්බන්ධයෙන් අධිකරණ වාර්තාවක් ඉල්ලයි

කොළඹ ආශ්‍රිත වෙරළ තීරයට අසාමාන්‍ය ලෙස කැස්බෑ මළසිරුරු ගොඩගැසීම සම්බන්ධයෙන් වහාම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

පසුගිය 22වනදා වැල්ලවත්තේ සිට ගෝල්ෆේස් දක්වා වෙරළ තීරයෙන් කැස්බෑ මළසිරුරු 10කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබිණි. අද (23) පමුණුගම, උස්වැටකෙයියාව, ගල්කිස්ස යන වෙරළ තීරවලට ද මළසිරුරු ගොඩගසා තිබිණි.

මෙම මළසිරුරු කිහිපයක ඇස් ඉදිමී, ඇතැම් සිරුරුවලින් රුධිරය වහනය වන ආකාරය ද දක්නට ලැබුණු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කර තිබේ.

නාවික හමුදාව විසින් මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීම මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය අදාළ ස්ථානවලට ගොස් මූලික විමර්ශන පවත්වා තිබිණි.

ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින්, ගෝල්ෆේස් වෙරළ තීරයට ගොඩගසා තිබූ කැස්බෑ මළසිරුරු 04ක් ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

එහිදී කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බෙල්ලන්විල පශු වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර මෙම කැස්බෑවන්ගේ මරණවලට හේතුව සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...