හිංසනයට ලක් කරමින් රජය  ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ළමා ආරක්ෂණ සන්ධානය  පවසයි.

වර්තමාන රජයටත් විධායක ජනාධිපතිවරයාටත් ඉල්ලා අස්වෙන්නට බලකරමින් රට තුළ  අඛණ්ඩ උද්ඝෝෂණ පැන නැගී දැනට මසකට වැඩි කාලයක් ගත වී තිබේ.  ආණ්ඩුවත්  ජනාධිපතිවරයාත් ජනතාවගේ හඬට කන් නොදෙන පසුබිමක් යටතේ  ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට දැඩි බලපෑම් එල්ල කිරීම සඳහා ඊයේ එක්දින හාර්තල් ව්‍යාපාරයක් වෘත්තිය සමිති එකමුතුව සහ ජනතාව එක්ව කැඳවා තිබුණා.  එම හර්තාල්  ව්‍යාපාරය සාමකාමී වූ අතර ජනතාව ඒකරාශි වී තමන්ගේ විරෝධය පාමින් සිටි අවස්ථාවලදී පොලිසිය ස්ථාන ගණනාවක දීම ජනතාවට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින්  හිංසනයට ලක් කරමින් උද්ඝෝෂකයන් පලවා හරින්නට අනීතික ලෙස ක්‍රියාත්මක වනු අප දුටුවා.

මෙම ප්‍රහාර තුළ අප දුටු සුවිශේෂී කරුණක් නම් සෘජුව උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස් වලට අමතරව මහ මඟ ගමන් ගත් ජනතාවට මෙන්ම ඒ අවට රැඳී සිටි ජනතාව  අපහසුතාවයට ලක්වන ආකාරයට කඳුළුගෑස් ඔවුන් දෙසට ද එල්ල කිරීම.  පොලිසිය හිතාමතාම එවන් ක්‍රියා සිදු කළ බව තහවුරු වන අවස්ථාවන් රූපරාමු සහිතව අපට දැකගන්නට ලැබුණා.  එහිදී දරුවන් දැඩි අපහසුතාවයන් වලට ලක්ව රෝහල් ගත කිරීමට සිදු වූ අවස්ථා ද තිබේ.  මෙම තත්වය මානව අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝණය කරන තත්ත්වයකි.

ශ්‍රී ලංකා රජය දරුවන්ට එරෙහිව දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමට විරෝධය පාමින් ළමා ආරක්ෂණ සන්ධානය  ශ්‍රී  ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක වෙත  ඊට එරෙහි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස දන්වමින් ලිපියක් යොමු කර තිබේ. ආචාර්ය තුෂ් වික්‍රමනායක සහ  කෞෂාල් රණසිංහ සම කැඳවුම්කරුවන්  ලෙස මෙම ලිපියට අත්සන් තබා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...