ස්පුට්නික් දෙවන මාත්‍රාව ජනතාවට අහිමි කිරීමේ සැලසුමක් ඇති බව තහවුරු වෙයි

Date:

මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් The Morning පුවත්පතට අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකය මේ වන විට ස්පුට්නික් වී එන්නත දෙවන මාත්‍රාවක් අවශ්‍යද යන්න පිළිබඳව සමාලෝචනය කරමින් සිටින බව පවසා තිබේ.

Covid-19 ට එරෙහිව ප්‍රතිශක්තිය ලබා දීම සඳහා පළමු මාත්‍රාව ප්‍රමාණවත් විය හැකි බව ස්පුට්නික් නිෂ්පාදන සමගම වන Gamaleya සමාගම පවසා ඇති බව ඔහු පවසයි.

මහනුවර ප්‍රදේශයේ එන්නත්කරන මධ්‍යස්ථානවල “ස්පුට්නික් වී එන්නතෙන් එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීමට මම එකඟ වෙමි” යනුවෙන් සඳහන් කර ඇති ආකෘති පත්‍රයට එන්නත් ලබාගැනීමට පැමිණි ජනතාවගෙන් අත්සන් ගැනීම පිළිබඳ විමසීමේදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පවසා ඇත. එලෙස අත්සන් ලබාගෙන ඇත්තේ ලබාදෙන මාත්‍රා ප්‍රමාණය ජනතාවට දැනුම් දීමේ අරමුණින් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මෙහිදී පවසා තිබේ.

මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ එන්නත්කරණය සඳහා සහභාගී වූ ජනතාවට පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට එකඟ බව සඳහන් පත්‍රිකාවක් ලබාදී තිබූ අතර එයට අත්සන් ලබාදීම ප්‍රතික්ෂේප කරන අයට එන්නත ලබාදී නොමැත.

නියෝජය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා The Morning පුවත්පතට මෙසේ පැවසුවද ඊයේ ඔහු මාධ්‍ය හමුවකදී පවසා තිබුනේ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාදෙන බවටත් දෙවැනි මාත්‍රාව අවශ්‍ය නොවන බවටත් ජනතාවගෙන් පෙ‍ාරොන්දු ලිපි ලබාගෙන ඇති බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

ඊට අමතරව ආණ්ඩුවේ ඇමතිවරුන්ද ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර අදහස් පළකරමින් සිටියි. මහනුවර දී ස්පුට්නික් එන්නත ලබාදීමේදී එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන බවට පවසමින් අත්සන් ලබා ගැනීම සිදුකළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විශේෂඥ කමිටුවේ උපදෙස් මත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ද ප්‍රකාශ කර තිබේ. නමුත් ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව පමණක් ජනතාවට ලබාදීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේවෙතත් IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසා ඇත්තේ අනෙකුත් එන්නත් මෙන් නොව ස්පුට්නික් වී එන්නත පළමු හා දෙවන මාත්‍රාවන් සඳහා එන්නතෙහි තරමක් වෙනස් සංයුතියන් (විවිධ රසායනික සංයුති) භාවිතා කරන බවයි. එසේම සෞඛ්‍ය විශේෂඥයන් පවසා සිටින්නේ ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව පමණක් ලබාදීමට තීරණය වී නොමැති බවයි. එසේම මෙම එන්නත සඳහා ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදී ඇත්තේද මාත්‍රා දෙකක් ලබාදීමට බව වාර්තා වේ.

 

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...