21වන සශෝධනයට අදාළ යෝජනා මෙන්න

Date:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා වන යෝජනා ඇතුළත් කෙටුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ දහයේ කණ්ඩායම, සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ කණ්ඩායම එක්ව කතානායකවරයා වෙත අද භාරදී තිබේ.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, 20 වන සංශෝධනයේ අංග ඉවත්කොට 19 වන සංශෝධනයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්කොට බල තුලනය කිරීම එහි අරමුණ බව යි.

ඒ සඳහා කතානායකවරයාගේ සහයෝගය අපෙක්ෂා කරන බව ද මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මෙහිදී පවසා සිටියා.

කෙටුම්පතට ඇතුළත් නව යෝජනා මොනව ද?

කතානායකවරයාගේ සභාපතීත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනා අදාළ කෙටුම්පතට ඇතුළත් කර තිබේ.

ඊට අමතරව,

මැතිවරණ කොමිෂන් සභාව
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
ජාතික පොලිස් කොමිෂන් සභාව
විගණන සේවා කොමිෂන් සභාව
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව
මුදල් කොමිෂන් සභාව
සීමා නිර්ණය කොමිෂන් සභාව
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
ආදී ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම පිළිබඳ කරුණු එහි ඇතුළත් අතර, මැතිවරණ කොමිෂන් සභාව හැර අන් සියලු කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත්, පාර්ලිමේන්තුවට පිළිතුරුදීමට බැඳී සිටිය යුතු බවත් කෙටුම්පතේ දක්වා ඇත.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන ලද නිර්දේශයක් මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, කොමිෂන් සභාවල කිසිම ධුරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුතු බව ද කෙටුම්පතේ සඳහන් ය.

සමගි ජන බලවේගයෙනුත් යෝජනා

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුළු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා වන නව යෝජනා ඇතුළත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත ඊයේ (අප්‍රේල් 21) භාරදෙනු ලැබීය.

විපක්ෂ නායක කාර්යයාලයේ දී අදාළ කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත භාර දී ඇති අතර ඉන් අනතුරුව කතානායකවරයා වෙත එම කෙටුම්පත යොමුකර තිබේ.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදා හැරීමට අදාළ සංශෝධනය, 20 වන සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි යෝජනා කිහිපයකින් කෙටුම්පත සමන්විත වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...