විපක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟතාවයක

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

එම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් සහ විපක්ෂයේ පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති අතර එහි උපදේශකයන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරයි.

සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුලූ විපක්ෂයේ පක්ෂ මෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වූ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම්ද මේ සඳහා සිටින නමුත් ඊට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සම්බන්ධ වී නොමැත.

ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, ඩිලාන් පෙරේරා,ආචාර්ය චරිත හේරත්,දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර,උදය ගම්මන්පිල,මොහොමඩ් මුසම්මිල්,ගෙවිඳු කුමාරතුංග,පූජ්‍ය අතුරලියේ රතන හිමි, අනුර ප්‍රියදර්ශන යාපා,එම්.ඒ. සුමන්තිරන්,සී.වී. විග්නේෂ්වරන් යන මන්ත්‍රීවරුන්ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...