විපක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟතාවයක

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

එම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් සහ විපක්ෂයේ පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති අතර එහි උපදේශකයන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරයි.

සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුලූ විපක්ෂයේ පක්ෂ මෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වූ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම්ද මේ සඳහා සිටින නමුත් ඊට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සම්බන්ධ වී නොමැත.

ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, ඩිලාන් පෙරේරා,ආචාර්ය චරිත හේරත්,දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර,උදය ගම්මන්පිල,මොහොමඩ් මුසම්මිල්,ගෙවිඳු කුමාරතුංග,පූජ්‍ය අතුරලියේ රතන හිමි, අනුර ප්‍රියදර්ශන යාපා,එම්.ඒ. සුමන්තිරන්,සී.වී. විග්නේෂ්වරන් යන මන්ත්‍රීවරුන්ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...