ලිහාගත යුතුම දේ තමයි නිර්දේශපාලනික සහා නිර්පාක්ෂික කියන අදහස් දෙක

අරගලය ගැන තියෙන අදහස් අතර ලිහාගත යුතුම දේ තමයි නිර්දේශපාලනික සහා නිර්පාක්ෂික කියන අදහස් දෙක.

අරගලය නිර්දේශපාලනිකයි කියන කරුණම වැරදියි. මොකද අරගලය යනුම දේශපාලනික ක්‍රියාවක් නිසා.

මේ මොහොතේදී නිර්පාක්ෂිකයි කියන එක ඇත්තක් . එහෙම වීමත් හරි.

මොකද පවතින දේශපාලන පක්ෂ මේ අර්භුදයේ කොටස් කාරයෝ වීම හා ජනතාව පාරට බැහලා ඉල්ලන්න දේශපාලන වෙනස කරන්න හැකියාවක් මේ අයට නොහැකි නිසා.

පාර්ලිමේන්තුවේ ඉන්න 225 එපා කියන එකෙන් සංකේතවත් වෙන්නේ මේ දේශපාලන සම්ප්‍රදාය එපා කියන එක. පවතින සම්ප්‍රදායට එපිට පරිකල්පනයක් නැති සම්ප්‍රදායික පක්ෂ ප්‍රතික්ෂේප වීම සාධාරණයි, ස්භාවිකයි.

නමුත් අරගලයට දේශපාලන මානයක් පරිකල්පනය කිරීම ඒ ගැන ගැබුරු සාකච්චාවක් ඇරබීම වහා වහා සිදුවිය යුතු දෙයක්.

නැත්නම් ගෝටා ඇතුළු රාජපක්ෂ නඩය බිල්ලට දීලා පවතින ජරාජීරණ ක්‍රමය ආරක්ෂා කරගැනීමේ උත්සාහය ජය ගන්නවා.

අත්දැකීමෙන් කිවුවොත් 87-89අරගලය ඉන්දියන් හමුදාව පන්නමු කියන සටන්පාටයට ලගු වීම් ප්‍රයෝජනයට ගත්ත ප්‍රේමදාස කලේ ඉන්දියන් හමුදාව පිටත් කර හැරීමයි.

ඊටපස්සෙ අරගලය ට තිබුණු යුක්ති සහාගතභාවය සහාමුලින්ම නැතිව ගියා.

එතනින් එහාට සිද්ද වුනේ කාබරේ දොරවල් වහාලා මියෝ මරනවා වගේ අරගල කරුවන්ව මරලාදාන එක විතරයි.

Terrel Abeysinghe

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...