අරගලය ගැන තියෙන අදහස් අතර ලිහාගත යුතුම දේ තමයි නිර්දේශපාලනික සහා නිර්පාක්ෂික කියන අදහස් දෙක.
අරගලය නිර්දේශපාලනිකයි කියන කරුණම වැරදියි. මොකද අරගලය යනුම දේශපාලනික ක්‍රියාවක් නිසා.
මේ මොහොතේදී නිර්පාක්ෂිකයි කියන එක ඇත්තක් . එහෙම වීමත් හරි.
මොකද පවතින දේශපාලන පක්ෂ මේ අර්භුදයේ කොටස් කාරයෝ වීම හා ජනතාව පාරට බැහලා ඉල්ලන්න දේශපාලන වෙනස කරන්න හැකියාවක් මේ අයට නොහැකි නිසා.
පාර්ලිමේන්තුවේ ඉන්න 225 එපා කියන එකෙන් සංකේතවත් වෙන්නේ මේ දේශපාලන සම්ප්‍රදාය එපා කියන එක. පවතින සම්ප්‍රදායට එපිට පරිකල්පනයක් නැති සම්ප්‍රදායික පක්ෂ ප්‍රතික්ෂේප වීම සාධාරණයි, ස්භාවිකයි.
නමුත් අරගලයට දේශපාලන මානයක් පරිකල්පනය කිරීම ඒ ගැන ගැබුරු සාකච්චාවක් ඇරබීම වහා වහා සිදුවිය යුතු දෙයක්.
නැත්නම් ගෝටා ඇතුළු රාජපක්ෂ නඩය බිල්ලට දීලා පවතින ජරාජීරණ ක්‍රමය ආරක්ෂා කරගැනීමේ උත්සාහය ජය ගන්නවා.
අත්දැකීමෙන් කිවුවොත් 87-89අරගලය ඉන්දියන් හමුදාව පන්නමු කියන සටන්පාටයට ලගු වීම් ප්‍රයෝජනයට ගත්ත ප්‍රේමදාස කලේ ඉන්දියන් හමුදාව පිටත් කර හැරීමයි.
ඊටපස්සෙ අරගලය ට තිබුණු යුක්ති සහාගතභාවය සහාමුලින්ම නැතිව ගියා.
එතනින් එහාට සිද්ද වුනේ කාබරේ දොරවල් වහාලා මියෝ මරනවා වගේ අරගල කරුවන්ව මරලාදාන එක විතරයි.