Breaking News

රූමස්සල පරිසර සංහාරයට එරෙහි ක්‍රියාමාර්ගවලට බලධාරීන්ගෙන් නැවතත් වගකීම් විරහිත ප්‍රතිචාරයක්

රූමස්සල කඳු වැටිය හා සම්බන්ධ අභය භූමිය සහ ඒ ආශ්‍රිත වටිනා පරිසර පද්ධතිය විනාශ කරමින් ඉදිකෙරන් මාර්ගයකට විරුද්ධව පරිසර සංවිධාන එකමුතුව විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමුකරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් දිගින් දිගටම බලධාරීන්ගෙන් වගකීම් විරහිත ප්‍රතිචාර ලැබෙන බව වාර්තා වේ.

පරිසර අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙක් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ රූමස්සල අධි සංවේදී කලාපය හරහා ආදී 20ක මාර්ගයක් ඉදිකරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. නමුත් එහි පැහැදිලිව ලිපිය යොමුකරන දිනය සඳහන් කර නොමැත. එසේම මෙම ලිපියේ පිටපතක් අවශ්‍ය කටයුතු සඳහා යයි සඳහන් කරමින් ගාල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇත. නමුත් රූමස්සල අයත් වන්නේ ගාල්ල ප්‍රාදේශීය කර්යාලයට නොව හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටයි.

පරිසර අමාත්‍යංශය වැනි ආයතනයකට මෙවැනි කරුණක් අතපසු වීමේ හැකියාවක් නැත. මෙය රූමස්සල සිදුවන පරිසර විනාශය සම්බන්ධයෙන් බලධාරීන් අනුගමනය කරමින් සිටින නිහඬ පිළිවෙතට උදව් දීමක් යන සැකය මේ අනුව ඇතිවේ. මීට පෙරද මධ්‍යම පරිසර අධිකාරියට කරන ලද පැමිණිල්ල්ලෙන් මාසයක පමණ කාලයකට පසුව එනම් මාර්තු 1වනදා නිවේදනයක් නිකුත් කරමින් මේ අධිකාරියේ සභාපතිවරයා පවසා තිබුනේ රූමස්සල කිසිදු පරිසර විනාශයක් සිදුවී නොමැති බවයි. සභාපතිවරයා එවැනි නිවේදනයක් නිකුත් කරන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් රූමස්සලට පැමිණ කරන ලද විමර්ශනයකින් අනතුරුව පරිසර විනාශයක් සිදුව ඇති බව පිළිගෙන තිබියදීයි.

පරිසර අමාත්‍යංශය යොමුකළ ලිපිය පහත දැක්වේ.

leave a reply