Breaking News

ඔඩොක්කු කුක්කන්ට වරදාන වරප්‍රසාද ජෝෂප් ස්ටාලින්ට සිරමැදිරිය

ලේක්හවුස් අසල පිහිටි ගුරු සංගම් කාර්යාලය  වටලා  අගෝස්තු 03  වනදා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් 50 කගේ පමණ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි බව මෙම සිදුවීම ඇසෙන් දුටු ය ප්‍රකාශ කර තියෙනවා. කුමක් නිසා අත්අඩංගුවට ගන්නේ ද යන්න විමසා සිටි විට පොලිසිය පවසා ඇත්තේ පසුගිය 28දා පැවති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකිරීම නිසා මෙසේ අත්අඩංගුවට ගන්නා බවයි .

අද පාර්ලිමේන්තුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නම වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය පසුගිය 28 වන දා අත්හිටවා තුන් වන සැසිවාරය ආරම්භ කරනු ලැබුවේ  ඔහුගේ ඉදිරි දැක්ම සමඟ කළ කතා වෙනි.  මේ කතාව තුල ගැබ්වෙලා තිබුණේ  පවතින අර්බුදයට විසඳුම් සොයන වැඩපිළිවෙළක් නොව රනිල් වික්‍රමසිංහ 2019 හපාලන ආණ්ඩුව සමඟ ආරම්භ කළ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යහපාලන ආණ්ඩුවේ බිඳවැටීමත් සමග නවතා දමපු තැනින් නැවත ආරම්භ කිරීම සිදුකරන බව  ඉඟිකරන කතාවෙනි.  ඊට අමතරව ඒ කතාව තුළ වැඩි කාලයක් යොදමින් රටේ ජනතාවට ඒත්තු ගන්වනු උත්සාහ කළේ  පවතින නීතියට යටත් නොවෙන ඕනෑම කෙනෙක්ට තමන්ගේ වැඩපිළිවෙළ යටතේ මර්දනය කැඳවීමට තමන් පසුබට නොවෙන බවයි.   එපමණක්ද නොව මේ  කතාව තුළ වක්‍ර ලෙස  ප්‍රතිවාදී දේශපාලකයාට සහ විකල්ප දේශපාලන මත දරන්නන්ට  එරෙහි ප්‍රකාශයක් ද ගැබ් වෙලා තිබුණා.  අරගලය මර්දනය කිරීම පිළිබඳ වැඩපිළිවෙළද , ඔහුගේ නිර්ණායකයන් වලට අනුකූල නොවෙන සියලු දෙනා ප්‍රචණ්ඩකාරී අරගලකරුවන් ලෙසට චෝදනා කරනු ලැබුවා.

ඒ අතරම සාමකාමීව අරගල කිරීමට අයිතියක් තිබෙන බව පිළිගන්නා බවත් එවන් අවස්ථාවල දී ආණ්ඩුවේ උදව් උපකාර ලබා දෙන්නට සූදානම් බවත් මේ  තක්කඩි දේශපාලකයා තමන්ගේ බලය රැක ගැනීම උදෙසා  කතාව අසන මිනිසුන් වැවීමට ආලවට්ටම් යොදා  සකසා තිබුණා.

අද ජෝෂප් ස්ටාලින් සහෝදරයව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 28 වැනි දා අධිකරණ නියෝග  වලට අවනත නොවී උද්ඝෝෂණය කළා ය කියන පදනම යටතේ.  ඒ අනුව මේ කියන 28 වන දා රනිල්ගේ මුඩුක්කු කුක්කෙකු වී සිටින  සමන් රත්නප්‍රිය ද සිටි බවමතක් කළ දිය යුතුය.  රනිල් අද කතාව තුළ නීතිය පිළිබඳව කතා කරද්දි කියනවා  මැයි නම වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට ප්‍රහාර එල්ල කරපු පුද්ගලයන්ට තරාතිරම නොබලා  කටයුතු කරනවා කියලා. මැයි නම වෙනිදා ප්‍රහාරයේ මහ මොළකරු මහින්ද රාජපක්ෂ බව අද මුළු ලෝකයම දන්නවා. රනිල්ට අභියෝග කරනවා පුළුවන්නම් මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට ගන්න.

leave a reply