Day: March 9, 2021

  • රූමස්සල පරිසර සංහාරයට එරෙහි ක්‍රියාමාර්ගවලට බලධාරීන්ගෙන් නැවතත් වගකීම් විරහිත ප්‍රතිචාරයක්

    රූමස්සල පරිසර සංහාරයට එරෙහි ක්‍රියාමාර්ගවලට බලධාරීන්ගෙන් නැවතත් වගකීම් විරහිත ප්‍රතිචාරයක්

    රූමස්සල කඳු වැටිය හා සම්බන්ධ අභය භූමිය සහ ඒ ආශ්‍රිත වටිනා පරිසර පද්ධතිය විනාශ කරමින් ඉදිකෙරන් මාර්ගයකට විරුද්ධව පරිසර සංවිධාන එකමුතුව විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමුකරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් දිගින් දිගටම බලධාරීන්ගෙන් වගකීම් විරහිත ප්‍රතිචාර ලැබෙන බව වාර්තා වේ.

    පරිසර අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙක් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ රූමස්සල අධි සංවේදී කලාපය හරහා ආදී 20ක මාර්ගයක් ඉදිකරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. නමුත් එහි පැහැදිලිව ලිපිය යොමුකරන දිනය සඳහන් කර නොමැත. එසේම මෙම ලිපියේ පිටපතක් අවශ්‍ය කටයුතු සඳහා යයි සඳහන් කරමින් ගාල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇත. නමුත් රූමස්සල අයත් වන්නේ ගාල්ල ප්‍රාදේශීය කර්යාලයට නොව හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටයි.

    පරිසර අමාත්‍යංශය වැනි ආයතනයකට මෙවැනි කරුණක් අතපසු වීමේ හැකියාවක් නැත. මෙය රූමස්සල සිදුවන පරිසර විනාශය සම්බන්ධයෙන් බලධාරීන් අනුගමනය කරමින් සිටින නිහඬ පිළිවෙතට උදව් දීමක් යන සැකය මේ අනුව ඇතිවේ. මීට පෙරද මධ්‍යම පරිසර අධිකාරියට කරන ලද පැමිණිල්ල්ලෙන් මාසයක පමණ කාලයකට පසුව එනම් මාර්තු 1වනදා නිවේදනයක් නිකුත් කරමින් මේ අධිකාරියේ සභාපතිවරයා පවසා තිබුනේ රූමස්සල කිසිදු පරිසර විනාශයක් සිදුවී නොමැති බවයි. සභාපතිවරයා එවැනි නිවේදනයක් නිකුත් කරන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් රූමස්සලට පැමිණ කරන ලද විමර්ශනයකින් අනතුරුව පරිසර විනාශයක් සිදුව ඇති බව පිළිගෙන තිබියදීයි.

    පරිසර අමාත්‍යංශය යොමුකළ ලිපිය පහත දැක්වේ.

  • පොරොන්දු වූ පරිදි ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන ලෙස බලකරමින් සත්‍යග්‍රහයක්

    පොරොන්දු වූ පරිදි ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන ලෙස බලකරමින් සත්‍යග්‍රහයක්

    පොරොන්දු ඉටුකරනු ! සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු ! කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ විගණනයක් කරන තුරු සියලු ණය අයකරගැනීම අය කර ගැනීම වහා නවතනු ! යන ඉල්ලීම් මූලික කරගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකමුතුව විසින් ඊයේ (08) හිඟුරක්ගොඩ නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. ඊයේට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දින පවත්වන ලද උද්ඝෝෂණයකින් අනතුරුව ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත. ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකමුතුව පවසන්නේ ක්ෂුද්‍ර ණය අහෝසි කරන බවට පොරොන්දු වෙමින් බලයට පත්වූ ආණ්ඩුව තමන්ව රටවන ලද බවයි. පසුගිය වසර 3ක කාලය තුළ තම ගැටලු විසඳා ගැනීමට විවිධ අරගලවල නිරත වුවත් විසඳුමක් ලබාගැනීමට නොහැකි වූ බැවින් නිසා තම ඉල්ලීම් ලබාදෙන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව සිදුකරන බව ඔවුන් පවසයි.

    ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකමුතුව විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයේ ප්‍රධාන ඉල්ලීම් වන්නේ
    සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු !
    කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ විගණනයක් කරන තුරු සියලු ණය අයකරගැනීම අය කර ගැනීම වහා නවතනු !
    ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ට එරෙහිව ගන්නා සියලු නීතිමය ක්‍රියාමාර්ග නවතනු!
    ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් අසාදු ලේඛණයෙන් වහා ඉවත් කරනු!
    ගැති බවින් තොර සමාජ විමුක්තිය කේන්ද්‍ර කරගත් කාන්තාවන් සතු මූල්‍ය ක්‍රමයක් ස්ථාපිත කරනු!

  • අලි ඇමතියෝ ගහපියව් තව අලි වැටවල්

    අලි ඇමතියෝ ගහපියව් තව අලි වැටවල්

    කලා බළලු වැව් රක්ෂිත කියන්නෙ රජරට අලි ඇත්තුන්ගෙ හදවත . ඉඩම් හා කෘෂි ව්‍යාපාර නිසා ස්වකීය වනබිම් අහිමි උනු අලි ඇත්තු රාශියක් ජීවත්වෙන්නෙ කලාවැව , මින්නේරි කඩුල්ල කියන වැව් ත්‍රිත්වය ඇතුලෙ . ගල්ගමුව , කැකිරාව , තිරප්පනේ , නාච්චදූව , රිටිගල , හබරණ මේ හැමතැනම ඉන්න අලි ඇත්තු කාලෙන් කාලෙට තම තමන්ගෙ ගොදුරුබිම් විදියට භාවිතා කරන කලා බළලු වැව් පිටිය තමයි අලින්ගෙ ප්‍රධාන වාසස්ථානයක් උනේ . මේ නිසාමයි කලාවැව යෝජිත උද්‍යානය , ජාතික උද්‍යානයක් ලෙස ගැසට් කරල මේ සතුන්ගෙ ජීවිත සුරක්ෂිත කලයුතුයි කියන තැන අපි හිටියේ . .

    කලාවැව ජීවිතේ කරගත්තු අලි ඇතුන් රාශියක් අපිට පහුගිය කාලෙ ඇතුලත අහිමි උනා . අනවසර වගා කටයුතුත් , ජල විදුලිබල ව්‍යාපෘතියත් නිසා වැව් පිටිය පසුගිය අවුරුදු කීපයම වතුරෙන් පිරිල තිබුණේ . අලින්ට පාරම්පරිකව උරුම උනු වැව් පිටිය අහිමි උනා . ඒ අලි ඇතුන් සියලු දෙනාම කුඩා රංචු හා තනි තනිව ගම් වැදුණා . මේ සියල්ලේම ප්‍රතිඵලයක් විදිහට අද රේවත ඇතත් අනවසර විදුලි රැහැනක් හේතුවෙන් මිය යනවා .

    කලාවැවේ ඉන්නෙ දැදුරුඔය නිම්නයේ ඇත් පරපුර .අතීතයේ හීලෑ කිරීමටත් අල්ලන ලද සුප්‍රසිද්ධ අලි පරපුර තමයි මේ දැදුරුඔය නිම්න ඇත්තු . දැවැන්ත දළ යුවළත් , අංග සම්පූර්ණ ශරීර ලක්ෂණත් , සුවිශේෂී ඇත් ජානයත් නිසා මේ අලි ඇත්තු රටටම සම්පතක් . හේන් පිටියවල් වල , වෙඩි වැදිලා , විදුලි සැර වැදිලා ” සත්තු ” මැරෙන්නෙ මේ රටේ , මේ මහපොළොවෙම ඉපදිලා අපිට වගෙම ජීවිතේ ගැන අයිතියක් තියෙන , රටට ණයක් නැති ” ඇත්තු

    ශෂිකළණ රත්වත්ත