ඊලෝන් මස්ක් ‘twitter’ මිලට ගන්න බිලියන 43ක් ගෙවද්දී අපි බිලියන 4ක් ගන්න IMF යයි

ට්විටර් සමාජ මාධ්‍යය වේදිකාව සම්පූර්ණයෙන් මිල දී ගැනීම සඳහා ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා ආයතනයේ ප්‍රධානී ඊලෝන් මස්ක් ඩොලර් බිලියන 43ක ලන්සුවක් ඉදිරිපත් කර තිබෙනවා.

මිලියන 200කට අධික ලෝක ජනතාව භාවිත කරන ට්විටර් සමාජ මාධ්‍යය ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රචලිත කිරීම සඳහා යොදාගත හැකි බවයි ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් එය දැන් පවතින ආකාරයෙන් එම අරමුණ ඉටු නොවන නිසා ට්විටර් මිල දී ගැනීමට තීරණය කළ බව ඔහු පවසා තිබේ.

ඒ සෑම හිමිකරුවෙකු සතු කොටසක්ම ඩොලර් 54යි ශත විස්ස බැගින් මිල දී ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින්. එම යෝජනාව මේ වනවිට ජැක් ඩෝර්සිගේ ට්විටර් සමාජ මාධ්‍යයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සළකා බලමින් සිටින බව වාර්තා වේ.

ඊලෝන් මස්ක් දැනටමත් ට්විටර් සමාජ මාධ්‍යයේ සියයට 9.2ක කොටස් මිල දී ගෙන ඇත්තේ එහි විශාලතම කොටස් හිමියා ලෙසින්.

මෙම ප්‍රවෘත්තියත් සමඟ නැවත අපේ රට මුහුණ දෙමින් සිටින අර්බුදය දෙසට හැරුණහොත් අපේ රටේ නව මුදල් ඇමති අලි සබ්‍රි ඩොලර් බිලියන 4ක ණය මුදලක් ලබා ගැනීම සඳහා අද ඇමරිකාව වෙත ගොස් තිබේ.

අප වැනි රටවල් ඩොලර් බිලියන 4ට හිඟමනේ යන විට ලෝකයේ ලොකුම ධනපතියෙක් ලෙස සැළකෙන ඊලෝන් මස්ක් එම මුදලට වඩා දස ගුණයකටත් වඩා වැඩි මුදලකට ට්විටර් ආයතනය මිලදී ගැනීමට සැරසෙයි.

මේ මොහොතේ අප මෙන්ම දුප්පත් රටවල් බොහොමයක ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය, ඖෂධ පවා හිඟවීමෙන් දුක් විඳිමින් සිටියි. ඒ අතර ඊලෝන් මස්ක් වැනි පුද්ගලයන් කිහිපදෙනකු සතුව අතිවිශාල ධනස්කන්ධයක් ගොඩ ගැසී ඇත.

ලංකාව දෙස බැලුවත් ඊලෝන් මස්ක්ට තරම් ධනයක් නැති වුවත් විවිධ සමාගම් හිමිකරුන් මේ මොහොතේ පවා ලාභ පිට ලාභ ලබමින් විශාල ධනයක් උපයමින් සිටියි. අප මුහුණ දෙමින් සිටින අසමානතාවය එයයි.

 

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...