Breaking News

දකුණේ අරගලය වෙත උතුරෙන් ලියමනක්!

ආදරණීය සිංහල සහෝදරියනි,සහෝදරයනි, දමිළ අපිට #GoHomeGota විරෝධතාවට සහය දීමට නොහැක්කේ ඇයිදැයි ඔබ දන්නවාද? ඒ ඔබ බොහෝ දෙනෙක් සිතන පරිදි අප ඔබලාගෙන් පළිගන්නා නිසා නම් නොවේ. ඒ අපි රාජපක්ෂලාට සහය දෙන නිසාත් නොවේ.
ඔබට වෛර කරන නිසා හෝ ඔබට ආදරය නොකරන නිසා නොවේ.

එය ඔබගේ ප්‍රතිගාමී, මූලධාර්මික අමනෝඥ ඉල්ලීමකි!
ගෝඨා ගෙදර යනු!
ඊළඟට කවුද?
රනිල්? සජිත්? මෛත්‍රී? චන්ද්‍රිකා? සරත් ෆොන්සේකා? විමල්? වාසුදේව ? ජී.එල් පීරිස්? ඥා#නසාර? යූඑන්පී ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? UPP? ජනතා විමුක්ති පෙරමුණ?
මෛත්‍රී කුමක් කළේද යන්න අපි දනිමු. එය සංගීත පුටු තරඟයක් මෙනි.

ආදරණීය සහෝදරියනි, සහෝදරයනි,
වෙනසක සැබෑ අර්ථය වන්නේ, පුද්ගලයන් සහ පුටු වෙනස් කිරීම නොව, ක්‍රමය වෙනස් කිරීමකි. ගෝඨා බලයට ගෙන ආවේත්, රාජපක්ෂලා වීරයන් බවට පත් කළේත්, ජනවාර්ගික විභේදනය සහ සිංහල බෞද්ධ ස්වෝත්තෝමවාදී මනෝභාවයත්ය.
ඔවුන්ව ඒකාධිපතියන් බවට පත් කළේත් ඔවුන්ට ඕනෑ ඕනෑ ‍දේ කරන්නට ඉඩ තැබුවේත් එයයි. ජනවාර්ගික විභේදනය සහ සිංහල බෞද්ධ
ස්වෝත්තෝමවාදී මනෝභාවය!

එය ඔවුන්‍ගේ දේශපාලනික ආයෝජනයයි. ජාතිවාදයත්, ජනවාර්ගික විභේදනයත් 1948 වසරේ සිටම මේ රටේ ප්‍රධානතම දේශපාලනික ආයෝජනය විය.
ජාතිවාදය සහ ජනවාර්ගික විභේදනය දේශපාලකයන්ට ඔවුන්ගෙ දේශපාලනික ආ‍යෝජනය ලෙස පාවිච්චි කර ගත හැකි තාක් කල්, දුෂණයට සහ ඒකාධිපතත්වයට ඇති අවස්ථාව සදාකල් පවතිනු ඇත.

ඉතින්…
මේ පුද්ගලයන් හෝ පුටු පමණක් නොව, ක්‍රමය වෙනස් කිරීම සඳහා ඔබේ හඬ අවදි කිරීමට කාලයයි!
කිසිදු සිංහල දේශපාලක‍යෙකුට ජාතිවාදයත්, ජනවාර්ගික විභේදනයත් තමන්ගේ දේශපාලනික ආයෝජනය ලෙස පාවිච්චි කිරීම වළකන ක්‍රමයක් ඉල්ලා සිටින්න.
සිංහල ජනතාව පෙන්වා කිසිදු දමිළ දේශපාලකයෙකුට සිය ජනතාව බිය වැද්දීමට නොහැකි,
සිංහල සහ දමිළ ජනතාව පෙන්වා කිසිදු මුස්ලිම් දේශපාලකයෙකුට සිය ජනතාව බිය වැද්දීමට නොහැකි
ක්‍රමයක් ඉල්ලා සිටින්න!

“අපි පළමුව ‍‍ගෝඨා එළවමු, මේ ගැන පසුව සාකච්ඡා කරමු” යැයි ඔබ පවසන්නේ නම්, ම‍ගේ පිළිතුර “නුඹලා හැම‍දාම කීවේ මෙයයි, එහෙත් කිසිවක් සිදුවූයේ නැත” යන්නය.

එසේම,
ප්‍රගතිශිලී වෙනස්කම් ගෙන ඒමට හැක්කේ අර්බුදකාරී සහ වියවුල්සහගත කාලයන් තුළ පමණක් බව ඔබ දනියි.
ලොව පුරා ඉතිහාසයේ සිදුවි ඇත්තේ එයයි. එම නිසා,මේ සැබෑ වෙනසකට කාලයයි. එවිට සෑම ජනවර්ගයකටම සමාන අයිතීන් සහ අවස්ථාවන් ලැබෙනු ඇත. ඔබ එයට සූදානම් නම්, අපි දෙමළ ජනතාව එකාවන්ව නැඟී සිට නුඹලා සමඟ සිටගැනීමට සූදානම්!

(-උතුරුකරයෙන් මේ සටහන අප වෙත එවා තිබුණේ දෙමළ ජනමාධ්‍යවේදී සහෝදරයෙක් විසිනි. පරිවර්තනය කළේ Subhashini Chathurika.)

උපුටා ගැනීම – සඳුන් ප්‍රියංකර විතානගේ ගේ facebook පිටුවෙනි

leave a reply