ආණ්ඩුව දුප්පත්කම නිවාරණයට වඩා මත්ද්‍රවය නිවාරණයට ප්‍රමුඛතාවය

ශ්‍රී ලංකා ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙලෙන බව ආණ්ඩුවේම අමාත්‍යවරයෙක් අද පවසා තිබේ. එසේ තිබියදී අද වාර්තා වෙන තවත් පුවත් දෙකකින් වාර්තා වෙන්නේ රටේ වර්ධනය වන මත්ද්‍රව්‍ය ගැටලුවට විසඳුම් සෙවීම ජාතික ප්‍රමුඛතාවයක් ලෙස සැලකිය යුතු බවට අගමැතිනිය කළ ප්‍රකාශය සහ 2025 ඔක්තෝම්බර් මස සිට මේ වසරේ මාර්තු 13 දක්වා ක්‍රියාත්මක කළ වැටලීම්වලදී සැකකරුවන් 120,752ක් අත්අඩංගුවට ගෙන ඇති බවටයි.

සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව පවසා තිබුණි. ඉන් සියයට 80ක පමණ පිරිසක් ග්‍රාමීයව ජීවත් වන බව විෂය භාර අමාත්‍ය උපාලි පන්නිලගේ සඳහන් කර ඇත.
ඒ හේතුවෙන් ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමට ප්‍රථමයෙන් කළ යුතු බවද ඔහු සඳහාන් කර ඇත.

2026–2030 කාලය සඳහා මත්ද්‍රව්‍ය භාවිතයේ ආබාධ සහිත පුද්ගලයින් කළමනාකරණය, ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා වූ ජාතික උපායමාර්ගික සැලැස්ම (SUD) පිළිබඳව දැනුවත් කිරීමක් අද පැවත්වී තිබේ.

ආණ්ඩුව දුප්පත්කම දුරලීමට වඩා මත්ද්‍රවය මැඩලීමේ වැඩසටහන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බව පෙනෙන්නට තිබේ. එය විශාල ඛේදවාචකයකි. මන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ක්‍රියාත්මක කිරීමට ආරම්භ කර දැන් වසර කිහිපයක් ගතව තිබේ. නමුත් අපට තවමත් කීමට ඇත්තේ රටේ බහුතර ජනතාව දුප්පත්කමෙන් සිටින බවයි.

එසේ නම් එම වැඩපිළිවෙල ගැන පසු විපරමක් කරමින් ආර්ථික සංවර්ධනය ගැන වැඩි අවධානයක් ලබාදීම වෙනුවට ආණ්ඩුව නැවතත් මත්ද්‍රවය නිවාරණය පෙරමුණට ගනිමින් සිටියි .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...