2022 ජනතාව පෝලිම්වල සිටිද්දී මම හිටියේ හෝටලයක – රනිල්

ජනතාව පෝලිම්වල දුක් විඳිමින් සිටියදී තමන් හෝටල්වල සැප විඳි ආකාරය ගැන රනිල් වික්‍රමසිංහ මාතර රැලියේදී පවසා තිබේ. ඔහු පවසන්නේ 2022 අලුත් අවුරුද්ද ඔහු සමරනු ලැබුවේ මාතර කඹුරුපිටියේ පිහිටි හෝටලයක බවයි.

ඊයේ (ජුනි 30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමින් ඔහු මේ බව පවසා ඇත.

”අද මම මේ ප්‍රදේශයට පැමිණෙන විට මෙම මාතර ජනතාව විඳි දුක සිහිපත් වුණා. 2022 සිංහල අලුත් අවුරුද්ද මම ගත කළේ මෙම කඹුරුපිටියේ ප්‍රදේශයේ. මම නැවති සිටි හෝටලය ඉදිරිපිට ඉන්ධන පිරිවුම්හලක් තිබුණා. එතන දිගු වාහන පෝළිමක් තිබුණා. ජනතාව ආණ්ඩුවට දෝෂාරෝපණය කරමින් එම පෝළිම්වල දුක් විඳිනවා මම දුටුවා. එදා මම තීරණය කළා මේ තත්ත්වය නැවත රටේ ඇතිවෙන්න ඉඩ දෙන්න බැහැ කියලා. ”

2022 අප්‍රේල් මාසයේදී රටේ බොහෝ පිරිසකට අලුත් අවුරුද්ද සැමරීම තබා කෑමට බීමට දෙයක් ලැබේවිද යන ප්‍රශ්නයට මුහුණ දෙමින් ගත කිරීමට සිදුවිය. ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල, ආහාර මිලදී ගැනීමේ පෝලිම්වල කල් මැරීමට ජනතාවට සිදුවිය.

එවැනි තත්ත්වයකදී රටේ තවත් පිරිසකට එම අර්බුදය කොහෙත්ම බලපා නැති ආකාරය මේ අනුව පැහැදිලි වේ.

ඕනෑම අර්බුදයක වන්දි ගෙවීමට සිදුවන්නේ ජනතාවට පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...