ආණ්ඩුවේ ප්‍රගතිය මනින්න පැෆ්රල් මැදිහත්ව සංවාද මණ්ඩපයක්

ආණ්ඩුවේ දෙවන මාස 06 තුළ දුන් පොරොන්දු ඉටුකළා ද?: “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීම පිළිබඳව දෙවන අර්ධ වාර්ෂික වාර්තාව එළි දැක්වීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක වීම අධීක්ෂණය පිළිබඳව පැෆ්රල් සංවිධානය හා මාර්තු 12 ව්‍යාපාරය විසින් සකස් කරන ලද දෙවන අර්ධ වාර්ෂික වාර්තාව එළි දැක්වීම, සහ ඒ හා සමගාමීව පැවැත්වෙන සංවාද මණ්ඩපය 2026 මාර්තු මස 12 වැනි දින, පෙරවරු 10.00 සිට පස්වරු 12.00 දක්වා, කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, ලැවැන්ඩර් ශාලාවේදී පැවැත්වේ.

මෙහි සංවාද මණ්ඩපය සඳහා,
*කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ගරු චතුරංග අබේසිංහ මැතිතුමා
*සමගි ජන බලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා
*ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ මහේෂි හේරත් මහත්මිය

විසින් තම විද්වත් දායකත්වය සපයන අතර,

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් සංවාද මණ්ඩපය මෙහෙයවනු ලබයි.

දෙවන අර්ධ වාර්ෂික වාර්තාවේ විශ්ලේෂණ, සොයා ගැනීම් සහ නිර්දේශ ඉදිරිපත් කරනු ලබන්නේ අධීක්ෂණ සහ ඇගයුම් උපදේශකවරුන් වන එම්. තිලකරාජා සහ ඩී.ඩී. මාතරආරච්චි යන මහත්වරුන් විසිනි.

මෙම වාර්තාව සමාජගත කිරීම සඳහා ඔබ මාධ්‍ය ආයතනය නියෝජනය කරමින් මාධ්‍යවේදියෙකු සම්බන්ධ කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි!
මෙයට විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
සම කැඳවුම්කරු

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...