විදුලි බල සේවකයන් විසින් ගෙනගිය විරෝධතාවය විසදීම වෙනුවට එය විදුලි සේවකයන් සහ විදුලි පාරිභෝගිකයන් අතර ප්‍රශ්නයක් ඇතිකිරීම සඳහා යොදා ගැනීමේ ආණ්ඩුවේ සූදානම ගැන ඉඟි පලවෙමින් තිබේ. එසේම විදුලි බල සමාගම්වල සියලු වියදම් වැඩිවීම් ජනතාවගේ කරමතින් යාමට නියමිත බව පෙනේ.
විදුලි සේවකයන් 40%ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලන අතර, ඒ සියල්ල එකතු කළොත් 100%ක් විදුලි බිල වැඩි කිරීමට සිදුවන බව NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග පවසා තිබේ.
විදුලි බල වෘත්තීය සම්ගම් කාරණ 64ක් සඳහා ඉල්ලීම් කළ බවත් ඉන් 62ක් සඳහා එකඟ වූ අතර එනෙක් කාරණා ද්විත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව සලසා දුන් බවත්
අදාළ කාරණා 64න් බහුතරයක් විදුලිබල මණ්ලඩය සතු වරප්‍රසාද ඒ අයුරින්ම අවශ්‍ය බවට කළ ඉල්ලීම් වන අතර ඉන් 59ක්ම මුල් සාකච්ඡාවෙදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා දීමට එකඟ වූ බවද ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව කාරණා 5ක් ඉතුරු වූ අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ලබා දෙන බවට අදාළ වෘත්තීය සමිතිවලට දැනුම්දුන් බව ද එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත.
එම වෘත්තීය සම්ගම්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවූ ආකාරයටම ප්‍රසාද දීමනාව ඉල්ලූ අතර කාර්ය සාධන ක්‍රමයක් හඳුන්වා දෙන තුරු ඒ සඳහා එකඟ වූ බවද මෙහිදී අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
එමෙන්ම වැටුපට දීමනා වශයෙන් රුපියල් 11,000ක් සහ ඊට අමතරව ජීවන වියදම් දීමනාව එකතු කර සාමන්‍යයෙන් රුපියල් 17,000ක මුදලක් ලබා දෙන බවද සඳහන් වේ.
ඇමතිවරයාගේ මට්ටමෙන් එකඟ විය හැකි සියලු ඉල්ලීම් සඳහා එකඟ වූ බවද ඔහු සදහන් කර ඇත.
මොවුන් 40%ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලන අතර, ඒ සියල්ල එකතු කළොත් 100%ක් විදුලි බිල වැඩි කිරීමට සිදුවන බවද මෙහිදී ඔහු සඳහන් කර සිටියා.
එනම් 40%ක් යනු මාසකට ගතහොත් බිලියන 1.8 වැඩිවීමක් වන බවත් එය අවුරුද්දකට බිලියන 22ක් වන අතර 2025 දෙසැම්බර් 31 ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ගිණුමේ පාඩුව පමණක් බිලියන 35ක් වන බවද මේ ඉල්ලීම ඉටු කිරීමටනම්100%ක් විදුලි බිල වැඩි කිරීමට සිදුවන බවයි.
විදුලි බල මණ්ඩලය කොටස් කර පෞද්ගලිකරණය කිරීමේදී විදුලි සේවකයන්ට මණ්ඩලය තුළ ලබාදුන් සියලු වරප්‍රසාද ලබාදෙන බව ආණ්ඩුව පොරොන්දු විය. නමුත් එම වරප්‍රසාද සඳහා විදුලි පාරිභෝගිකයන්ට ගෙවීමට සිදුවන බව ආණ්ඩුව මුලදී සඳහන් කර නොතිබුණි. දැන් පෙනෙන්නට තිබෙන්නේ විදුලි සේවකයන්ට ලබාදෙන සෑම වරප්‍රසාදයක්ම විදුලි පාරිභෝගිකයන්ගේ කර මතින් යාමට නියමිත බවයි. මේ හරහා පාරිභෝගිකයන් සහ විදුලි සේවකයන් අතර මත බේදයක් හැදීමටද ආණ්ඩුවට හැකියාව ලැබේ.
එසේම ලංවිම නව පනත හරහා විදුලිබලය මහජන සේවාවක තත්වයෙන් ඉවත් කර ලාභ අපේක්ෂිත බිස්නස් එකක් බවට පත්වීමද මේ හරහා පෙන්නුම් කෙරේ. මෙම සමාගම් ලාභ ලබන විටද එහි පාඩුව ගෙවීමට සිදුවෙනු ඇත්තේ මහජනතාවටයි.






