Breaking News

මිල්කෝ ආයතයනයේ පුටුව ලසන්ත ඉවත් කර පොහොට්ටුවේ ලේකම්, රේණුකට

මිල්කො ආයතනයේ සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ වන විටත් අදාළ ලිපිය නිකුත් කර ඇති අතර රේණුක පෙරේරා අදාළ සභාපති ධූරය භාරගැනීම සඳහා මෙතෙක් තීන්දුවක් ගෙන නැත. කෙසේ වුව ද පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් රේණුක පෙරේරා මිල්කො සභාපති ධූරයට පත්කර ගැනීමට දැඩි උත්සාහක නිරත වන බව වාර්තා වෙයි.

ගෝඨාභය ජනාධිපතිතුමා පත්වූ අවස්ථාවේ පාඩු ලබන රාජ්‍ය ආයතනවලට නායකත්වය දීමට වෘත්තිකයන් ගෙන් ඇයදුම්පත් කැඳවා තෝරාගත් පිරිසකට පත්වීම් දුන් අතර, වත්මන් මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ද ඒ අනුව රට වෙනුවෙන් පෙරට ආ වෘත්තිකයෙකි.
යහපාලන ආණ්ඩුව සමයේ අවසාන වසර තුනෙහි මිල්කො ආයතනය රු. මිලියන 2000කට අධික පාඩුවක් ලැබූ අතර එය ලාභ ලබන ආයතනයක් බවට පත්කළේ වර්තමාන මිල්කො සභාපති ලසන්ත වික්‍රමසිංහ යටතේ ය. 2020 සහ 2021 දෙවසර තුළ මිල්කෝ ආයතනය රු. මිලියන 800 ඉක්මවා ලාභ ලැබූ අතර 2015 වසරට පසු කිරි ගොවීන් සඳහා ගෙවන මිල ද 30%කින් ඉහළ දැමීමට කටයුතු කෙරිණි.වසර ගණනාවක් පාඩු ලබා තිබූ මිල්කෝ ආයතනය 2020 වසරේ පටන් ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට ඔහු සමත්ව තිබිය දී ඔහුව සභාපති ධූරයෙන් ඉවත් කිරීමට හේතුව පැහැදිලි නැත.

ලිට්‍රො සමාගමේ සභාපති ධූරය සඳහා ද පසුගියදා පැය කිහිපයකට පත් කළ රේණුක පෙරේරා, මිල්කො සමාගමේ සභාපති ධූරය සඳහා පත් කිරීමට සූදානම් වන්නේ එම සමාගම ලාභ ලබමින් කිරි ගොවින්ට ද ඉහළ මිලක් ගෙවමින් ඉතා ම හොඳින් පාලනය වන පසුබිමකය.

leave a reply