තිරුපති කෝවිල ඉන්දියානු කොටස් වෙළඳපොලේ ආයෝජනය කරයි

පසුගියදා මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ තිරුපති කෝවිල වදින්න යාම ගැන මේ දිනවල සමාජ මාධ්‍යවල කතා බහක් ඇතිව තිබෙනවා. නමුත් මේ කතාව මහින්ද තිරුපති යාම ගැන නෙමෙයි.

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටා තිබෙන තිරුපති බලාජි කෝවිල ලංකාවෙ අපිට නම් මතක බලයට පත්වෙන හැම පාලකයෙක්ම වදින්න යන කෝවිලක් විදිහට. නමුත් මෙම කෝවිල ඉන්දියාව තුළ ප්‍රසිද්ධ එරට පිහිටි ධනවත්ම කෝවිල ලෙසයි.

ඉන්දියාවේ කෝවිල් යනු ආගමික ස්ථාන පමණක් නොවේ. ඒවායේ භාණ්ඩාගාරවල විශ්මය ජනක ප්‍රමාණයෙන් රන් හා මුදල්වලින් පිරි ගොස් තිබෙනවා. මේ බොහොමයක් දේවල් කෝවිලට පැමිණෙන වන්දනාකරුවන් විසින් පූජා කරන ලද දේවල්.

නරේන්ද්‍ර මෝදි ආන්ඩුව බලයට පත් වූ විගසම කෝවිල්වල රත්‍රන්, ආයෝජනය කිරීම ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියා.

ලැබුණු පරිත්‍යාග සහ ආදායම අනුව ඉන්දියාවේ ධනවත්ම කෝවිල වන තිරුපති අවසානයේ ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන කොටස් වෙළඳපොල තුළ සිය ශක්තිය අත්හදා බැලීමට තීරණය කර තිබෙනවා.

තිරුපති කෝවිලේ බාරකාර සංවිධානය වන තිරුමාලා තිරුපති දේවස්ථානම්ස් (TTD) අගෝස්තු 3 වෙනිදා කියා සිටියේ තමන් dematerialised හෝ demat වර්ගයේ ගිණුමක් විවෘත කර ඇති බවයි. ඩීමැට් ගිණුමක් මඟින් ආයෝජකයින්ට කොටස් සහ සුරැකුම්පත් භෞතිකව සන්තකයේ තබා ගැනීම වෙනුවට ඉලෙක්ට්‍රොනිකව තබා ගැනීමට ඉඩ සලසයි.

ඉන්දියානුවන් මිලියන ගණනක් වාර්ෂිකව සංචාරය කරන තිරුපති කෝවිල, දෙවියන්ට පූජාවක් ලෙස සිදුකරන හිසකෙස් රැවුල බෑම හරහා එකතුවෙන කෙස් විකිණීමෙන් ද විශාල අදායමක් උපයයි. එසේම කෝවිල දේපල වෙළඳාම් ක්ෂේත්‍රය තුළද විශාල ආයෝජනයක් කර ඇත. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී, අන්ද්‍රා ප්‍රදේශ් අමාත්‍ය මානික්‍යාල් රාඕ පැවසුවේ තිරුපති බාරකාර සංවිධානය සතු ඉඩම්වල වෙළඳපල වටිනාකම රුපියල් කෝටි 9,800 (ඩොලර් බිලියන 1.5) පමණ වන බවයි.

එසේම මෙම සංවිධානයට ආන්ද්‍රා ප්‍රදේශ්, දිල්ලි, කේරළ, කර්නාටක, තමිල්නාඩු, ගුජරාට්, මහාරාෂ්ට්‍ර, පොන්ඩිචෙරි, හර්යානා, ඔඩිෂා සහ නේපාලයේ පවා ඉඩම් සහ සාප්පු සංකීර්ණ හිමිව පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...